GuidePedia

0
ප්‍රංශයේ භීෂණ පාලන සමය ප්‍රංශ විප්ලවය සමයේ සිද්ධ වූවකි. එය 1793 සැප්තැම්බර් 5 වැනි දින සිට 1794 ජූලි 28 වැනි දින තෙක් පැවති භීෂණයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් පිරි කාල වකවානුවකි. එය හටගත්තේ ප්‍රංශ විප්ලවයේ ආරම්භයත් සමඟ ය. ගිරොන්ඩින් සහ ජැකෝබියන් නම් වූ දේශපාලන සංවිධාන දෙකක ගැටුම් නිසා අර්බූදය බරපතල විය. එහි ප්‍රතිඵලය වූයේ "විප්ලවයේ හතුරන්" යැයි නම් වූ ප්‍රංශ වැසියන් ව සමූල ඝාතනයන්ට ලක් වීමයි. විප්ලවයට හතුරුකම් දැක්වූවා යැයි ජනතාවගේ මරණ සංඛ්‍යාව දස දහස් ගණන් යැයි සැලකේ. ගිලටිනයට යොමු කොට හිස ගසා දැමි සංඛ්‍යාව 16,594 ක් යැයි ද, (එයින් 2,639 ක් වූයේ පැරිස් නගරයේ ය), ප්‍රංශය පුරා මූණ ඉච්ඡාවට පැවැත් වූ නඩු විභාගයන් වලින් වරදකරුවන් සේ හඳුන්වනු ලැබු 25,000 ක් මරණ දණ්ඩනය ලැබූහ.
Next
Newer Post
Previous
This is the last post.

Post a Comment Blogger Disqus

 
Top