GuidePedia

0


බැස්ටීල්
පැරිස් නගරය, ප්‍රංශය
Type මධ්‍යතන යුගයේ බලකොටුවක්, සිරගෙදරක්
Built 1370–1380s
Built by ප්‍රංශයේ පස්වැනි චාල්ස් රජතුමා
Demolished 1789–90
Current
condition
විනාශ කරන ලදි, සීමි


බැස්ටීලය යනු පැරීසියේ බලකොටුවකි. එය නිල වශයෙන් හැඳින්වෙන්නේ බැස්ටීල් සෙන්ට් ඇන්ටුවාන් නමිනි. ප්‍රංශයේ අභ්‍යන්තර අරගලයන් හි දී එය වැදගත් ස්ථානයක් ගත්තකි. ප්‍රංශ ඉතිහාසය පුරා එය රාජාඥාව යටතේ දේශපාලන හා අපරාධකරුවන් සිරගත වූ රාජ්‍ය සිරකඳවුරකි. ප්‍රංශ අරගලයේ දී, බැස්ටිලයේ අවි ආයුධ ගබඩා කර ඇතැයි දැනගන්නට ලැබෙන ජනතාව විසින් හදාගන්නා ජාතික ආරක්ෂක හමුදාවක් ඒවා අයිති කරගන්නට සැලසුම් ගහති. ඇමරියා කැහිලා (Amaria Chaila) ප්‍රමුඛ තුන්වැනි තලයේ විරෝධතාවාදීන් කළින් Hôtel des Invalides ට කඩා පැන මස්කට් තුවක්කු 29,000 - 32,000 ක් අතර ප්‍රමාණයක් එකතු කරගෙන සිටි අය වූහ. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ බැස්ටිලයේ ගබඩා කර තිබි කිලෝග්‍රෑම් 13,600 (රාත්තල් 30,000) ක වෙඩිබෙහෙත් පැහැර ගැනීමයි. 1789 ජූලි 14 වැනිදා උදෑසන බැස්ටිලයට විප්ලවකරුවන් කඩා වැදෙද්දී එහි සිටියේ සිරකරුවන් 7 කි. අනිත් සියල්ලෝම 16 වැනි ලුවී රජු විසින් නිදහස් කර තිබිණ. බැස්ටිලය කඩා වැටෙද්දී දහසය වැනි ලුවී රජුගේ බාල සහෝදරයා Comte d’Artois සිය භාර්යාවත්, අනියම් බිරිඳත් රැගෙන රටින් පිටවෙන්නේ තවත් රදළයන් ඔහු අනුගමනය කරද්දී ය. ඒ දිනය ප්‍රංශ විප්ලවයේ තෙවැනි අදිරය සේ සැලකේ.

Post a Comment Blogger Disqus

 
Top