හිමාලය කඳු අන්දීස් කඳු මතක් වන විට අපට මැවී පෙනෙන්නේ අයිස් යායකි.ලොකයේ ඇන්ටාක්ටිකාව,අයිස්ලන්තය ආදීයේද එකම අයිස් යායකි.මෙවැනි අයිස් යායන් භූගෝල විද්‍යාවේදී හා පාරිසරික අංග වර්ගීකරණයන්හීදී හඳුන්වාදෙන්නේ ග්ලැසියර නමිනි.
එහෙත් ලොකයේ කොතැනක අයිස්යායන් තිබුණද ලංකාවේ අයිස්යායන් තිබූ බවය සාක්ෂි ලැබෙන බව කිවහොත් ඹබ පුදුමයට පත්වනු නිසැකය.
එහෙත් සැබෑවද එයය.මීට වසර ලක්ෂ මිලියන ගණනකට පෙර මෙරට ග්ලැසියර් හෙවත් අයිස් යායක් තිබූ බවට අදහස් පල කරන ලද්දේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යාඥ මහාචාර්ය කපිල දහනායක මහතාය.මහාචාර්යවරයාට අනූව ලංකාවේ වයඹ කලාපයේ වෑඋඩ ප්‍රදේශයෙන් වර්ෂ මිලියන විසිපහක් පමණ පැරැණි පේලියොසොයික (paleocene) යුගයට අයක් ගැලිසියර සාධක හමුවේ.කෙසේ නමුත් මේ පිළිබඳව බවතින්නා වූ මතිමතාන්තර රාශියකි.
ලංකාවේ වූ ගැලිසියර් යුගය පිළිබඳ තවදුරටත් සොයා බැලූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති අචාර්ය ආර්.එම්.එච්.ජයසේන හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ සහාය කතිකාචාර්ය ඩිලාන් රණවීර විසින් මෙම පරීක්ෂණ අරඹණු ලැබ තිබුණි.එම තිදෙනා කියන පරිදි ලංකාවේ ගැලැසියර් තිබූ බවට සාධක ගණනාවකි.
ලංකාවේ භූ-විද්‍යා ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ලංකාවේ භූමිය විවිධ වෙනස්කම්වලට ලක්වී බොහෝ විට ලංකාවේ ගංගා ආශ්‍රිත වෙනස්කම් දකින්නට ලැබෙන්නේ අතීතයේ සිදුවූ යම්කිසි භූමී විපර්යාසයන් නිසාය.
සාමාන්‍යයෙන් භූමියක ලක්ෂණ වෙනස් කිරීමේ භූ භෞතික තත්ත්වයන් ගණනක් වේ.ඉන් ගංගා,ජලය,ග්ලැසියර් (හිම),ස්කන්ධ හායනය (නියයෑම්),සුළංඛාදනය,උදම්රළ ආදී පාරිසරික තත්ත්වයන් යන ඒවා ප්‍රදාන වේ.
මෙම සියලු පාරිසරික තත්ත්වයන් ලංකාවටද බලපා ඇති බව පවසන පර්යේෂකයන් ලංකාවේ ග්ලැසියර් තිබූ බවට සොයාගෙන ඇති භූ භෞතිකමය සාධක රාශියකි.භූවිද්‍යාවේදී ගංගාවක් සතු ක්‍රියාවලීන් හඳුනාගැනීමේදී එය කොටස් තුනකට බෙදනු ලබයි.එනම් ගංගාවේ තරුණ අවධිය,පරිණත අවධිය,වෘද්ධ අවධිය යන කොටස් තුනය.ලංකාවේ ඇතැම් ගංගාවලට අයත් විවිධ අවධිවල කොටස් පරික්ෂා කිරීමේදීද ඉන් ගැලැසියර් ලක්ෂණ හමුවේ.
ඒ අනූව දැදුරුඔය අවසාන ප්‍රදේශය,මහවැලි ගගේ අවසාන ප්‍රදේශය ආදීයෙන් නිම්න ග්ලැසියරයන්හී අවසාදිත කොටස් හමුවේ.ඊට අමතරව හත්පටුනා ඔය හරස්කර බැඳි ලේනව වැවෙහිද වැලිනිධි ඇත.ඒ අතරද මෙම නිම්න ග්ලැසියරයක අවශේෂ හමුවේ.මෙම මැටි හා අවසාදිත කබොක් බවට පත්වන බව පවසන පරිදි මෙම අවසාදිත බොහෝමයක් විවිධ වෙනස්කම් වලට ලක්ව ඇති අතර,ඊට හේතුව මිනිසාගේම විවිධ ක්‍රියාකාරකම්ය.වසර මිලියන දෙසීය ගණනකට පෙර හමුවන හිමයුගයේ අවසාදිත ලංකාවේ තවත් ප්‍රදේශ ගණනාවකින්ද හමුවන බව පර්යේෂකයෝ පවසති.
ලංකාවේ මෙම නිම්න ග්ලැසියර් දක්නට ලැබෙන ප්‍රධානම හේතු දෙකක් දැනට හඳුනාගෙන ඇත.ඒ අනූව මීට වසර මිලියන ගණනකට ඉහතදී ලංකාවේ අද පිහිටා ඇති ස්ථානයේ පිහිටා නොතිබීම ඊට හේතුවයි.එනම් අතීතයේ භූවිද්‍යාත්මක සාධක අනූව ලොව සියලු රටවල් එකම ගොඩබිමකින් පැවතී ඇත.එය භූවිද්‍යාවේදී "පැංජියාව" නමින් හැදින්වේ.පසුව කාලයකදී මෙම එකම ගොඩබිම කොටස් කීලයකට බෙදී විවිධ දිශාවන්ට පාවී ඇත.එය මහද්වීපික තැටි ප්ලාවිතය ලෙස හඳුන්වයි.එම නිසා ලංකාවද මෙලෙස වෙන්වන්නට පෙර එකම ගොඩබිමක පිහිටි අතීතයේ අයත්වූයේ සෞම්‍ය කලාපීය ප්‍රදේශවලටය.ඒ අනූව එම මධ්‍ය අක්ෂාංශ ආසන්න වූ ප්‍රදේශයන්හී අයිස් තිබීම නිසා ලංකාවේද මෙම සාධක හමුවීමට එක් හේතුවකි.
අනෙක් හේතුව නම් ලෝකය තුළ විවිධ කාලවකවානුවල සිදුවන දේශගුණික වෙනස්වීම් මීට බලපාන්නට වීමය.ලොකයේ ඉතිහාසය දෙස බැලීමේදී ලොව අයිස් යුග (ග්ලැසියර් යුග),උණුසුම් යුග සේම අන්තර් ග්ලැසියර් කාලද තිබී ඇත.ඒ අනූව ලංකාවේද අතීතයේ එක්තරා කාලයකදී ග්ලැසියර් යුගයක් පවතින්නට ඇත.ග්ලැසියර් සොයා ගිය පේරාදෙණිය විශ්ව සරසවියේ පර්යේෂකයන් තිදෙනා පර්යේෂණ කාර්ය සඳහා වෑඋඩ ප්‍රදේශයට ගොස් එහි පහත් බිමක මෙම ග්ලැසියර් සාධක සොයා බලා ඇත.ග්ලැසියර් යනු ගමන් කරන අයිස්ය.ඒවා කඳු මුදුන්වල සිට පහතට පැමිණෙන අතරම එසේ පැමිණ පහල ප්‍රදේශයේ තැන්පත් වේ.ඒ අනූව පහළ භූමියේ පවතින්නා වූ විල් ආශ්‍රිත මේවායේ අවසාදිත හදුනාගත හැකි වේ.
ඊට අමතරව ගලගෙදර මැටි බොක්ක ප්‍රදේශයේ ස්ථාන කිහිපයකද මෙම ග්ලැසියර්කරණය පිළිබඳ සාධක හඳුනාගත් බව ඔවුහු ප්‍රකාශ කළහ.මෙහිදී ස්තරයානූකූල පාංශූ සාම්පල ස්තර තුනක් ඉහළට පහළට පරික්ෂා කිරීමෙන් මෙහි සංයුතීන් පිළිබඳ අවධානය යොමුකොට ඇත.මෙහි සියලුම තැන්හි මැටි සංයුතිය (Clay Deposit) අධික බව පෙනුණු බව සේම ඒවා ද්විතීයික තැන්පතු බවද තහවුරු වී ඇත.
මාවතගම ආසන්නයේ පිහිටි ගලගෙදර කඳු පාමුල වූ නිම්න භූමියට අයක් මෙය මධ්‍ය කඳුකරයේ අඩතැනි මායිම් කළාපයට අයත් මොහොර ලක්ෂණ පෙන්නුම් කරයි.මෙහි බොහෝ තැනක ග්ලැසියර් මිඳුන ලක්ෂණ පෙන්නුම් කරන අතර, එම ස්ථාන වල තියුණු උල්සහිත පාංශූ ස්තර සේම මතුපිට බොහෝ මෟදුව මැදී ගිය බවක්ද පෙන්නුම් කරයි.මෙයට හේතුව ලෙස පර්යේෂකයන් පෙන්නුම් කරන්නේ ග්ලැසියර් තට්ටු පහලට ගසාගෙන ඒමෙන් ඊට යටවන පාංශූ ස්තරවල සුමුදු මතුපිටක් නිර්මාණය වන්නට වීමයි.මීට අමතරව වයඹ පලාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත බංගදෙණිය ආණමඩුව මාර්ගය ආසන්නයේ පිහිටි වර්ථමාන "ගුරුන්තැන්න" පොල් වත්තක් අසල කරනලද පර්යේෂණ තුලින්ද මෙම ග්ලැසියර් යුගයක අවශේෂ මතුකරන බොරලු තට්ටුවක් හඳුනාගෙන ඇත.මෙහිදී මානවයා සතු මානව සංස්කෘතික සාධක හමුව ඇත.මෙම ආනමඩුව ගුරුන්තැන්න ලංකාවේ නවතම ප්‍රාග් ඓතිහාසික ස්ථානයක් ලෙසද හඳුන්වාදිය හැකි බව පවසන පර්යේෂකයන් එහි භූමියේ ස්ථරයානුකූලව ක්‍ෂුද්‍ර ශිලා මෙවලම්ද හදුනාගෙන ඇත.එහෙත් මැටිබොක්ක ආශ්‍රිතව මෙම යුගය තුළදී මානවයා සතු යම්කිසි සාධකයන් ඇත්දැයි යන්න පිළිබඳ පරීක්‍ෂා කළද එවැන්නක සාධක හමුව නැති අතර,එයින් මීටත් වඩා පහළ නිම්න භූමී තුළ ඒ පිළිබඳ සාධක තිබිය හැකි බවට අදහසක් පවතී.ලොව බොහෝවිට මෙවන් පහත්බිම් අසලදී මානව ග්ලැසියර් යුගයන්ට සාපේක්‍ෂ මානව සාධක හමුව ඇත.
මේ ස්ථානයන්ට අමතරව මෙරට අයිස් යුග හා සම්බන්ධ තවත් තොරතුරු සමූහයක් ලංකාවේ මධ්‍ය කඳුකරය ආසන්නයෙන්ද හමුවේ.ඒ අනූව මහවැලි ගඟ ආරම්භවන හොර්ටන්තැන්න මෙන්ම බණ්ඩාරවෙල යන ප්‍රදේශයන්ගේ පාරිසරික ලක්‍ෂණ පිළිබඳ අවධානය යොමු කිරීමේදී පරිසර ස්වභාවය අයිස් තට්ටු ඛාදනය වීමෙන් සකස් වූ බවට සාක්‍ෂි ඇත.මීට අමතර මෑත අතීතයේ දිඹුලාගල,සෝමාවතී යන ප්‍රදේශවලින්ද මෙවැනි අවසාදිතවල ලක්‍ෂණයන් හඳුනාගෙන ඇත.
ලොකයේ අප්‍රිකාව,යුරෝපය,ඕස්ට්‍රේලියාව ආදී මහද්වීපවල ග්ලැසියර් තැන්පතු අසල ප්‍රාග් ඓතිහාසික ගල් යුගයන් හමුවන අතර, ලංකාවේදී එවැනි ස්ථාන හමුවන්නට හැකි බවට අනාවැකි පවසයි.ඒ අනූව ලංකාවේ වූ ග්ලැසියර් යුගය පිළිබඳ මෙතෙක් හමුව ඇති සාධක කරණකොට ඉදිරිපත් කළ දළ කාලනීර්නයන් අනූව ආණමඩුව ගුරුන්තැන්න සාධක ප්ලයිටෝසීනා යුගය දක්වාද මැටිබොක්ක සාධක පේලියෝසීන යුගයද අයත් විය හැකිය.කැලණිය විශ්වවිද්‍යාලයේ පැවති තුන්වැනි අන්තර්ජාතික දකුණු ආසියානු පුරාවිද්‍යා සම්මන්ත්‍රණයේදී මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කර ඇත.එසිනම ඉන්දියාවේ තන්ජමොර් විශ්වවිද්‍යාලයේ සිට පැමිණ ඉදිරිපත් කළ පරීක්‍ෂණ පත්‍රිකාවකින් ද ඉන්දියාවේ කාබේරි ගංගා නිම්නයෙන් හමුවූ මෑත ඉතිහාසයේ ඉහළ ප්ලයිටෝසීන යුගයට අයත් ග්ලැසියර් යුගයක සාධක පිළිබඳ තොරතුරු අනාවරණය විය.
ඒ අනූව සලකන විට ලංකාවත් ඉන්දියාවත් එක්තරා කාලයකදී එකම ගොඩබිමක්ව තිබී අකාරයත් මෙම ග්ලැසියර් සාධක හමුවීමත් අනූව මෙහි යම්කිසි සත්‍යාතාවක් ඇති බවට විස්වාස කළ හැකිය.
Post a Comment Blogger Disqus