GuidePedia

0
ප්‍රාදේශික රාජවංශ


චීන ඉතිහාසය



පිළිගත් චීන ඉතිහාසයට අනුව ක්ෂියා රාජ වංශය පිහිටු වන ලද්දේ ශන්තම විසින් තම ඇමති වු යුගේ කැමැත්තට සිංහාසන අතහැරීම නිසාවෙනි. ෂන් ඔහුව සැලකුවේ සර්ව සම්පුර්ණ සිවිල් සේවකයෙකු හැටියටය. ගං වතුර ගැලු අවස්ථාවක සියලුම ගංඟා හරහා ඇළ මාර්ග තනා එය පාලනය කිරීම නිසා යු හට තම ජනතාවගේ ප්‍රසාදය දිනා ගත හැකි විය. ඔහු තම මරණයට මොහොතකට පෙර තම බලය සුදුස්සකුට පවරනවා වෙනුවට තම පුත්‍රයෙක් හට පැවරුවේ රාජ වංශික නීතිය හෙවත් ප්‍රවේණි ක්‍රමයට අනුවයි. මේ නිසා ක්ෂියා රාජය වංශය තම පරම්පරාව රජ කරවන කාලයක් උදාවිය.
පුර්ව චීන ඉතිහාසයේ කියවෙන ස්කෙප්ටිකල් පාසැල ක්‍රි. ව. 1920 දී ශු ජිගූං විසින් ආරම්භ කරන ලද අතර ඒ තුළින් චීනයේ මුල්ම උගතුන් කණ්ඩායම බිහිවිය. මේ සමගම පරම්පරාගත කතන්දරයට ප්‍රශ්ණ එල්ල විය. “ කල්ගත වන විට පුර්ණ චීන ඉතිහාස කතාව නැවත නැවතත් පරම්පරා ගණනකට කියා තිබු එකක් බවට පත් විය.” යුන් කුවෙන්ලි රාජ්‍ය වංශ තුනේ කාල නිර්ණ විග්‍රහය පැහැදිලි කිරීම ගැන පළ කළ අදහස පුරාවිද්‍යාත්මක සමීක්ෂණයන්ට එරෙහිව ඓතිහාසික සමීක්ෂණ සාක්ෂි වල විධාරණය සමග සමපාත වේ. විශේෂයෙන් “පුරාවිද්‍යාත්මක අර්ලිට වු සංස්කෘතිය යනු ඓතිහාසික ශියාර් රාජ වංශය වේ.” යන ප්‍රකාශය ඒ බව සනාථ කරයි. “ මුල් ශිෂ්ටාචාර වල පුරාවිද්‍යාත්මක කාල වකවානු හා ඓතිහාසික වකවානු සැසදීම යන්න සියලු වර්ෂ ක්‍රමානුගත අධ්‍යයනයන්ට අභියෝගයකි.” රාජ වංශ ක්‍රමයේ සාම්ප්‍රදායික චීන ලේඛනවලට අනුව එය සිදු වුයේ චීන ශිෂ්ටාචාරය කාරුණික සිවිල් ආණ්ඩුවක් සහ නීති උල්ලංඝනය කිරීම්වලට දැඩි දඩුවම් පමුණුවන ආණ්ඩුවක් ලෙස දියුණුවට පත්වු විටයි. එතැන් සිට චීන නීති සංග්‍රහය ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇත.
අවසන් පාලකයා වු ජීන්ගේ රජය දුෂිත රජයක් හැටියට සැලකෙයි. නැගෙන හිර ෂැන්ක් ජනතාවගේ පාලකයා වු ටෑන්ක් අතින් ජීන් පරාජයට පත්විය.

ප්‍රාග් ඓතිහාසික චීනය


මීට අවුරුදු මිලියන ගණනකට පෙර හෝමෝ ඉරෙක්ටස්ගෙන් පැවතගෙන එන වාසස්ථාන චීනයේ විය.එහි කැණීම්වලින් සොයාගත් ගල් ආයුධ මීට අවුරුදු මිලියන 1.36 ට පෙර ඒවාය.පුරා විද්‍යාත්මක භූමි ප්‍රදේශවලින් හෝමෝ ඉරෙක්ටස් ගින්දර භාවිතා කළ බව (මීට අවුරුදු මිලියන 1.27 කට ඉහත ) වාර්තා වේ.

නව ශිලා යුගය


ක්‍රි.පූ.12000 සහ 10000 අතර කාලය චීනයේ නව ශිලා යුගය පැවති සමයයි. පැරණි සාක්ෂි අනුව චීනයේ මෙනේරි වගාවේ ඉතිහාසය ක්‍රි.පූ.7000 පමණ දක්වා දිවෙයි. කෘෂිකර්මය ආරම්භ වීමෙන් පසු ජනගහනය වර්ධනය විය.පැරණි ශිලා යුගයේදී කහ ගඟේ නිම්නය දෙපස ශිෂ්ටාචාරය ආරම්භ විණි.
ලිඛිත සාක්ෂි හිඟ නිසා චීනයේ පැරණි ඉතිහාසය පැටලිලි සහගත වේ. ක්‍රි.පූ.7000 සිට චීන වැසියෝ මෙනේරි වගාවේ නිරතවූ අතර "Jiahu" සංස්කෘතියට මුල් තැන දුන්හ.කැටයම් කලාව ක්‍රි.පූ.7000 දක්වා කාලය තෙක් ඇදී යයි. ඒවායෙහි ඉර,හඳ,තරු සහ දඩයම් රූප නිර්මාණ කර ඇත. මෙම චිත්‍ර ආශ්‍රිත ලේඛන පැරණි චීන භාෂාවට සමාන කමක් දක්වයි.

චීන සමුහාණ්ඩුව - නූතන යුගය


චීනයේ තුරින් පාලන සමයේ පාලනයේ පැවති දුර්වලතාවය හේතුකොට ගෙන තරුණ නිලධාරින්, හමුදා නිලධාරින් හා ශිෂ්‍යයන් එක්ව සන් යත් සෙන්ගේ විප්ලවීය අදහස් මත කුයින් රාජවංශය බිද දමා සමුහාණ්ඩුවක් ඇති කිරීමට පියවර ගත්හ.

චීනයේ වහල් සේවය අහෝසි කිරීම (1910)


1911 ඔක්තෝම්බර් 10 වැනි දින බූහන්හි චූචිං හමුදාවක් ඉස්මතු විය. 1912 මාර්තු 12 නැන්ජින් හි සන් යත් සෙන් ජනාධිපති යටතේ චීන සමුහාණ්ඩුව පිහිට වීය. නමුත් යුෂං ෂිකාටි හට බලය පවරන ලෙසට සන් යත් සෙන් හට බල කෙරුණි. ඉදිරි වර්ෂවල යුආං රාජ්‍ය හා ප්‍රාදේශිය සංස්ථාපිතයන් අහෝසි කළ අතර, 1915 දී යුආං රාජකීයත්වයට පත් කෙරුණි. යුආං ගේ රාජකීය අදහස් වලට ඔහුගේ සගයන් දරුණු ලෙස විරුද්ධ වු අතර, ඔහුට එරෙහිව ඇතිවු කැරැල්‍ලක් හමුවේ වර්ෂ 1916 දී නිලය අත්හැරියේය. එම ව‍සරේ ජුනි මාසයේදී ඔහු මිය ගියේය. මේ නිසා චීන රජය දෙදරාගිය අතර එය යුධමය තත්වයකට පසුබිම් විය. 1919 මේෆොත් සංවිධානය ආරම්භ විණි. බටහිර සංකල්පය චීන බුද්ධිමතුන්ගේ විවේචනයට ලක් වු අතර ප්‍රාථමික සිතුවිලි මාලාවක් ස්ථාපනය විය. මෙය වම හා දකුණු චීනය අතර අරගලයකට හේතු වු අතර ඉදිරි ශතවර්ෂය පුරා ද එම තත්ත්වය පැවතිණි. 1920 සුන් යැන් සෙත් දකුණු චීනයේ විප්ලවීය ස්ථානයක් බවට පත් කළේය. එයින් දෙකඩ වු රාජ්‍ය එකතු කිරීමටකටයුතු කිරීම ඇරඹිණි. සෝවියට් සහයෝගය මත ඔහුගේ ෆෙඩ්ලින් කොමියුනිස්ට් පක්ෂය සමඟද ගිවිසුමකට එළඹියේය. වර්ෂ 1925 දී පිළිකාවකින් ඔහු මියයෑමෙන් පසු එහි පාලනය කායිෂෙක් නතුකර ගත් අතර දකුණු හා මධ්‍යම චීනයේ හමුදා පාලනයක් ගෙන යන ලදී. පසුව එය උතුර දක්වා ව්‍යාප්ත කළේය. දකුණ හා මධ්‍යම චීනයේ හමුදාවන් පරාජය කිරීමෙන් පසු උතුරේ පාලනය ලබා ගත්හ.

ශියා රජවංශය


සිමා ක්වියැං ඉතිහාසඥයාට (ක්‍රි.පු 145 – 90) හා බැම්බු ඇනැල්ස් හි වාර්තාවලට අනුව ශියා රජවංශය ආරම්භ ව අත්තේ වසර 4200 කට ඉහතදීය. නමුත් මෙම දිනය තවම තහවුරු වී නැත. ක්සියාහි ආරම්භයත් සමගම ෂැන්ග් සහ ෂෝවු ජනතාව ක්සියා රාජ වංශය යටතේ පැවතී ඇත. ඔවුන් ශියා හි රාජකීය දාසයෝ වූහ. ශියා රාජවංශයේ සත්‍ය කාල පරිච්ඡේදය ඉදිරිපත් කිරීමට අපහසුය.නමුත් එය වසර 431 කි නැතහොත් වසර 471 කි.
බොහෝ පුරාවිද්‍යාඥයින් විසින් දැන් ශියා රාජවංශය සම්බන්ධ කැණීම් ඇර්ලිටෝවු හි (මධ්‍යම හෙනාන් පළාතේ) කරනු ලබති. ඊට හේතුව ක්‍රි. පු. 2000 ට පමණ අයත් ලෝහ උණු කළ මෙවලම් එම දෙපසින් සොයා ගැනීමට හැකිවී තිබීමය. මැටි කර්මාන්තය හා කැබිලිති සම්බන්ධ සලකුණු (මෙම ප්‍රදේශයෙන් සොයාගත්) අනුව ඔවුන් නුතන චීන ජනතාවගේ මුතුන් මිත්තන් බවට සැක කෙරේ. ෂැන්ග්හි පේන කීමට භාවිතා කළ ඇට කටු හෝ ෂෝවු ලෝකඩ බදුන් වල කළ ලේඛන අනුව ක්සියා යුගය ගැන සුළු වශයෙන් තොරතුරු අණාවරණය වී ඇත.

චීනයේ ෂැන්ග් රාජවංශය


කහ ගංඟා මිටියාවතෙන් සොයා ගන්නා ලද ෂැන්ග් යුගයට අයත් උසස් සමාජවල නටඹුන්
චීනයේ ඉතිහාසය ගැන ලියවුණු මුල්ම වාර්තා ෂැන්ග් රාජ කාලයේදී එනම් ක්‍රි.පු 13 වන සියවසේදී ලියවී ඇත. ඒවා ලියවී තිබුණේ සත්ව කටු වල හෝ අස්ථි වල ශිලා ලේඛන ලෙසයි. ඒවා නිමිති කියන ඇට කටු ලෙස හැදින්වේ. ක්‍රි.පු. 1600 – 1046 ශත වර්ෂයේදී ෂැන්ග් රාජවංශයේ පැවැත්ම ගැන කියවෙන පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් කොටස් 2 කි. මුල් කොටස අයත් වන්නේ පුර්ව ෂැන්ග් යුගය (ක්‍රි.පු 1600 – 1300 ශ. ව) ට වන අතර එම ද්‍රව්‍ය සොයා ගන්නා ලද්දේ අර්ට්ලිගෑං, සෙන්ෂොවු සහ ෂැන්ග්චෙන් වලින්ය. දෙවන කොටස අයත් වන්නේ පශ්චාත් ෂැන්ග් හෙවත් යින් යුගයට වන අතර ඒවායේ නිමිති කියන ඇටකටු වල කළ ලේඛන විශාල ලෙස කර ඇත. ෂැන්ග් හි අග නගර නවය අතුරින් අන්තිම අගනගරය වුයේ අන්යන්ග් (වර්තමානයේ හෙනන්) ය. ඒ ක්‍රි.පු. 1300 – 1046 අතර කාලවකවානුවයි. ෂැන්ග් රාජ වංශය යටතේ ෂැන්ග් ටැංග් ගෙන් පටන් ගෙන ෂැන්ග් ෂෝවු රජු දක්වා රජවරු 31 දෙනෙක් රජකම් කළහ; චීන ඉතිහාසයේ දිගම රාජ වංශය වුයේ මෙයය. මහා ඉතිහාසඥ වාර්තා ප්‍රකාශ කර සිටින්නේ ෂැන්ග් රාජ වංශය තම අගනුවර වශයෙන් වරින්වර නගර 6 ක් තෝරා ගත් බවය. ක්‍රි.පු. 1350 දී යින් වෙත සිදු වු, රාජවංශයේ ස්වර්ණමය යුගය ඇතිවීමට පෙරමුණ ගති. යින් රාජවංශයේ කාය ඉතිහාසයේ ෂැන්ග් රාජවංශය සමග තුල්‍යාථික වී ඇත. නමුත් එය විශේෂයෙන් සදහන් වුයේ ෂැන්ග් රාජ වංශයේ පසු කාලයේදීය.චීන ජනතාව මේ කාලයේ විවිධ දෙවිවරුන් වන ජලජ දෙවියන්, අහස් දෙවියන් හා බලවත් දෙවිකෙනෙකු වන ඇන්ග්ඩි නමස්කාර කොට ඇත. මොවුන් අතර තිබු තවත් විශ්වාසයක් වන්නේ තමන්ගේ ඥාතීන් මියගිය පසු දෙවියන් බවට පත් වී තමන්ගෙන් නමස්කාර බලපොරො‍ත්තු වෙන බවයි. 1500 කාලයේ චීනුන් අනාගතය කීමට අස්ථි භාවිතා කර ඇත. ස්වාභාවික බලයක් වන ටයාන් (‍දෙව්ලොව) බලවේගයට ද නමස්කාර කර ඇත. දෙව්ලොව ආඥාපනත මඟින් දෙවියන් විසින් චීනය පාලනය කරන්නට දෙවිකෙනෙක් තෝරා ගත්හ. රැජින හෝ රජු විසින් මෙම පනත නැති කළහොත් ස්වාභාවික විනාශ, අහිමි වීම් හා වෙනත් පාලකයෙකු පත් වීම් විය හැකි බව විශ්වාස කළේය. පුරාතන ඉතිහාසය‍‍ට අනුව ෂැන්ග් රාජවංශය තම පාලන අගනුවර 6 වතාවකට මාරු කොට ඇත.
පසු කාලීන චීන ඉතිහාසඥවරු කීමට පුරුදුව සිටියේ එක් රාජවංශයකට පසු තවත් රාජ වංශයක් වශයෙන් පැවත එන්නේ යැයි කියන මතය ය. නමුත් අතීත චීනය තුළ සත්‍ය දේශපාලනික තත්ත්වය මීට වඩා බොහෝ සංකිර්ණ එකක් වු බව අසන්නට ලැබේ. මේ නිසා, සමහර චීන උගතුන් ප්‍රකාශ කරන පරිදි ක්සියා හා ෂැන්ග් රාජ වංශ සමකාලීනව පැවති දේශපාලනික වස්තූ බීජයන් වීමට හැකිය. එය හරියට පුර්ව ෂෝවු රාජවංශය (ෂැන්ග් රාජ වංශයෙන් පසු පදවියට පැමිණි ආණ්ඩුව), ෂැන්ග් රාජවංශයේ පැවති කාලයේම පැවතියැයි කියන්නාක් වැනිය.
ඇන්යෑංග්වලින් සොයා ගන්නා ලද ලේඛන ගත වාර්තා, ෂැන්ග් රාජවංශයේ පැවැත්ම තහවුරු කරයි. උදාහරණයක් වශයෙන් සැන්ෂින්ඩුයි හි කරන ලද පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් වලින් අන්යාන්ග් වල නොපැවති තාක්ෂණයෙන් උසස් ශිෂ්ටාචාරයක් ගැන පැහැදිලි වේ. ෂැන්ග් රාජවංශය අන්යාන්හි සිට කොපමණ දුරකට විහිදී තිබුණ ද යන්න පිළිබඳව සැපයීමට තරම් ප්‍රබල සාක්ෂි නැත. ප්‍රබලම තර්ක මාත්‍රය වන්නේ, නිල ඉතිහාසයේ ෂැන්ග් රාජ වංශය විසින්ම පාලනය කරන ලද අන්යාන්ග් නගරය, ප්‍රදේශයේ වෙනත් බොහෝ නානාප්‍රකාර සංස්කෘතික ජනාවාස සමග සමකාලීනව පැවතුණු බව හා ඔවුනොවුන් අතර වෙළෙදාමද සිද්ධ වුණු බවය.

ෂෝවු රාජවංශය


ක්‍රි.පූ : 1000 වන ශතවර්ෂයට අයත් අපරදිග ෂෝවු ලෝකඩ ගයි ඔරුවක්

ෂෝවු රාජවංශය (ක්‍රි.පූ 1122 – 256 - චීනය ) ආරම්භ කරන ලද්දේ ෂැන්ග් රාජවංශය විසින් වන අතර ක්වින් රාජ වංශය විසින් එය ඉදිරියට පවත්වාගෙන යන ලදී. චීනයේ නියම දේශපාලනික හා හමුදා පාලනය පැවතුණේ බටහිර ෂෝවුගේ කාලයේදී පමණක් වුවද චීන ඉතිහාසයේ වැඩිම කාලයක් පැවතුණු රාජවංශය ෂෝවු රාජ වංශයයි. ෂෝවු යුගය අතරතුරේ චීනයට යකඩ භාවිතය හඳුන්වා දුන්නේ චීනය තුළ ලෝකඩ භාණ්ඩ තැනීම උච්ච ලෙස පැවති යුගයකයි. වොරින් ස්ටේට් යුගයේ පසු භාගයේදී ලියවුණු පුරාණ සෙල් ලිපි මගින් පූර්ව අපර දිග ෂෝවු ලෝකඩ සෙල් ලිපි දැකිය හැකිය. එමඟින් පුරාණ යුගයේ සිට නවීන යුගයේ ආරම්භය දක්වා ෂෝවු රාජ වංශයේ විකසනය පෙන්නුම් කෙරේ.
ෂෝවු රාජ වංශය පැවති කාලයේදී පරිණත චීන දර්ශනය දියුණු විය. එහි ආරම්භය සිදු වූයේ ක්‍රි.පූ 6 වන ශත වර්ෂය ආරම්භයත් සමගය. චීනයේ තමන්ගෙන් පසු පරම්පරාවලටද බලපාන ආකාරයට දර්ශන ඉදිරිපත් කළ ශ්‍රේෂ්ඨ චීන දාර්ශනිකයන් අතර කොන්ෆියුසියස්වාදයේ (ලතින්වලින් කොන්ෆියුසියස්) පුරෝගාමී කොන්ග් ෆුසි ද, ඩැවෝ වාදයේ පුරෝගාමී ලවොයිද වේ. මෝහිවාදයේ පුරෝගාමී මෝසි( ලතින් මිසියස් ), කොන්ෆියුසියස්ගේ වාදය වඩාත් පුළුල් කළ ප්‍රසිද්ධ කොන්ෆියුසියස්වරයෙකු වූ මෙන්සි(ලතින් මෙන්සියස්) ද වෙයි. එමෙන්ම ක්වින් රාජවංශයේ ගැඹුරු දර්ශනය හෙවත් පුරාණ චීන නීතිවාදය පුළුල් කළ ෂැන් යෑං සහ හැන් ෂෙයිසිත් පුරාණ චීනයේ තර්කනයෙන් ප්‍රඥාව පෙන්නුම් කළ ෂුන්සිද වේ.

හැන් රාජවංශය


හැන් රාජවංශය චීනයේ දෙවන බලවත්ම රාජවංශය විය. එය සොයාගනු ලැබුවේ ගැමි කැරලිකරුවෙකු වන ලුබැන් විසිනි. ඊට සින්ග් රාජවංශයේ වැංග්මැංග් විසින් බාධා කරන ලදි. මේ හේතුවෙන් හැන් රාජවංශය බටහිර හා නැගෙනහිර වශයෙන් දෙකඩ වුනි. ශතවර්ෂ හතරක් පැවති හැන් පාලන සමය චීන ඉතිහාසයේ ස්වර්ණමය වකවානුව ලෙස හැඳින්වේ. වර්තමානයේ චීනයේ ස්වදේශීය ජනයා ද හැන් යන නමින් හඳුන්වයි. හැන් අධිරාජ්‍ය‍ මධ්‍යම රජයේ පාලන ප්‍රදේශ දෙකක් ලෙස වෙන් විය. මධ්‍යම ආසියානු ගෝත්‍රයක් වන ස්යැන්ගනෝ හැන් පරාජයකර 200 ක්‍රි.පු. දී බලය අල්ලා ගත්හ. පරාජයෙන් පසු දේශපාලන සන්ධානයක් ඇති වු අතර හැන් යථාර්ත පහත් සහකරුවා විය. ගිවිසුම අතරද ෂියැන්ග්නෝ, හැන් දේශ සිමා ආක්‍රමණය කළේය. අධිරාජ්‍ය හැන් හි වු ඔවුන්ට විරුද්ධව හමුදා ප්‍රහාර කිහිපයක් එල්ල කළ අතර ෂියැන්ග්නෝ හැන් ප්‍රදේශය වැඩවසම් රාජ්‍යයක් බවට පත්විය. මෙයින් පසු මධ්‍යම ආසියාවේ ටාරිම් ද්‍රෝණිය දක්වා ස්වරාජ්‍ය පුළුල් කළේය. මෙනිසා වෙළඳාමේ මාවත වන සේද මාවත නිර්මාණය විය. 92 ක්‍රි. ව. පසු ඉයුන්චස් අධිකරණ දේශපාලනයට වඩාත් යොමු වු අතර විවිධ ගෝත්‍ර හා රාජධානියන් සමඟ දරුණු ගැටුම් වලටද මැදි විය. මෙය හැන් රාජවංශයේ පහළ යෑමට හේතුවක් විය. මෙය ඩයෝස්ට් ආගම්වාදින්ටද බොහෝ සේ බලපෑ අතර යෙලෝ ටර්බන් හා පීන්ස් ඔෆ් රයිස් කැරැල්ලටද බල පැවේය. අධිරාජ්‍ය ලන්ගගේ අභාවයෙන් පසු හමුදා නිලධාරින් විසින් මාලිගාව ආක්‍රමණය කරනු ලැබු අතර හමුදා නායකයෝ එම රාජ්‍යය දෙකඩ කළහ. අධිරාජ්‍ය ෂ්යැන්ග්ගෙන් පසුව ක්වෝ පී රජු රාජ්‍ය ලබා ගත් අතර එම රජුගෙන් පසු හැන් රාජවංශය නිමා විය.

ක්වැං රාජවංශය


මෙම රාජවංශය මිං රාජවංශයෙන් පසුව බිහිවිය. 1944 දී ඇතිවු ලී ෂැං ගොවි අරගලය හේතුවෙන් රාජවංශයේ අවසන් පාලකයා වු මිං ජෙන සොන් සෙන් සියදිවි නසා ගත්තේය. මන්චු ජනයා විංහි වු සැංගුයි සමඟ එක්වු අතර බීජිං යටත් කර ගත්හ. තායිපිං කැරැල්ල හේතුවෙන් චීනයේ ප්‍රදේශ තුනක් හොං ෂිකුවෑන් යටතට පත්විය. වසර 14 කට පසු 1864 නැන්කින් අරගලයෙන් තායිපිං හමුදාව විනාශ වු අතර අවුරුදු 15 කාල සීමාව තුළ මියගිය සංඛ්‍යාව මිලියන 20 ක් පමණ විය. අනෙකුත් අරගලයන් වන පුන්ටි හකා වාර්ගික යුද්ධය නියෝන් අරගලය, මුස්ලිම් අරගලය, පැන්නි අරගලය සහ බොක්ස අරගලයෙන් මිනිස් ජීවිත හා ආර්ථිකයට දැඩිසේ හානි විය.

සුයී රාජවංශය


මෙම රාජවංශය මිං රාජවංශයෙන් පසුව බිහිවිය. 1944 දී ඇතිවු ලී ෂැං ගොවි අරගලය හේතුවෙන් රාජවංශයේ අවසන් පාලකයා වු මිං ජෙන සොන් සෙන් සියදිවි නසා ගත්තේය. මන්චු ජනයා විංහි වු සැංගුයි සමඟ එක්වු අතර බීජිං යටත් කර ගත්හ. තායිපිං කැරැල්ල හේතුවෙන් චීනයේ ප්‍රදේශ තුනක් හොං ෂිකුවෑන් යටතට පත්විය. වසර 14 කට පසු 1864 නැන්කින් අරගලයෙන් තායිපිං හමුදාව විනාශ වු අතර අවුරුදු 15 කාල සීමාව තුළ මියගිය සංඛ්‍යාව මිලියන 20 ක් පමණ විය. අනෙකුත් අරගලයන් වන පුන්ටි හකා වාර්ගික යුද්ධය නියෝන් අරගලය, මුස්ලිම් අරගලය, පැන්නි අරගලය සහ බොක්ස අරගලයෙන් මිනිස් ජීවිත හා ආර්ථිකයට දැඩිසේ හානි විය.

මින්ග් රාජවංශය



ශත වර්ෂයකට අඩුවෙන් පැවති යු ආන් රාජවංශය පුරා මොන්ගොල් පාලනය පිළිබඳව පොදු ජනයාගේ දැඩිමතයක් විය. 1340 සිට ඇති වු නිරතුරු ස්වභාවික විපත් හේතුවෙන් ගැමි ජනයා කැරළි ගැසූහ. 1968 දී මින්ග් රාජවංශය විසින් යු ඇන් රාජවංශය නෙරපා දමනු ලැබීය. නාගරීකරණය වැඩි වීමත්, ජනගහනය වැඩිවීමත් නිසා කම්කරු පක්ෂය ව්‍යාකූල විය.

නැන්ජිග් හා බීජින් යනු පෞද්ගලික කර්මාන්තවල වර්ධනයට දායක වූ විශාල නාගරික මධ්‍යස්ථාන දෙකකි. මෙනිසා කුඩා කර්මාන්ත වර්ධනය වු අතර කඩදාසි, සේද, කපු සහ පොසිලෙන් මේ අතර වේ. කුඩා වෙළෙඳ මධ්‍යස්ථාන ශීඝ්‍රයෙන් රටපුරා ඇති විය. වෙළෙඳ පොළවල් 2ක් ආහාර සඳහා විවෘත වු අතර ,අවශ්‍ය නිෂ්පාදනයක් වන තෙල්ද මේ අතර විය. විශේෂයෙන් ජපානය හා බාහිර ලෝකය සමඟ වෙළෙඳ හා අනිකුත් ගිවිසුම් වර්ධනය වු අතර චීන වෙළෙඳුන් ඉන්දියානු සාගරය හා නැගෙනහිර අප්‍රිකාව තෙක් ගවේෂණය කළේය. “හොන්ග්” වු වානිජමය තත්ත්වයට වඩා කෘෂි කාර්මික පද්ධතියෙන් ආදායම ලැබෙනා රාජ්‍යයකට මුල්ගල තැබීය. බොහෝ විට ඊට රජුගේ ගොවි පසුබිම මුල් වු අතර සොන්ග් සහ මොන්ගොලියන් අධිරාජ්‍යයට වඩා මින්ග් ආර්ථිකය තුළ කෘෂි කර්මය දියුණු විණි. සොන්ග් සහ මොන්ගොල් කාලයේ නියොල ෆ්‍රඩාල් භූමීන් මින්ග් පාලකයන් විසින් පවරාගන්නා ලදහ. ඉඩම් අයිතිය රජය විසින් අහෝසි කළ අතර එම ඉඩම් කැබලි කර කුලියට දෙනු ලැබුහ. පෞද්ගලික වහල්කරණය තහනම් විය. යොන්ග් ලී අධිරාජයාගේ මරණින් පසුව ස්වාධීන ඉඩම් ගොවින් චීන කෘෂි කර්මයේ ආධිපත්‍යය පැතිර වුහ.


සොවු රාජවංශයේ ඉතිහාසය


චීන ඉතිහාසයේ විශාලතම රාජවංශය ලෙස සැලකෙන්නේ සොවු රාජවංශයයි. පළමු මිලේනියම අවසාන යේ, සොවු රාජවංශය යෙලොරිවර් (කහ ගඟ) නිම්නයේ බිහි වුණි. එය ෂැන්ග් අභිබවා ගියේය. මොවුන් බටහිර ෂැන්ග් හි ජිවත් වූ අතර ඔවුන්ගේ නායකයා බටහර අරක්ෂකයා ලෙස පත් කර ගන්නා ලදි. ෂෝ හි පාලකයා වු රජු, ඔහුගේ සහෝදරයාගේ සහභාගිත්වයෙන් (ෂෝ ආදිපාදවරයා) සටනින් ෂැන්ග් පරාජය කළහ. මේ අවස්ථාවේම සෝවු රජතුමා ආයාචනා කර සිටියේ. මැන්ඩේට් ඔෆ් හෙවන් සංකල්පය නීත්‍යානුකූල කරන ලෙසය, එයින් මෙම සංකල්පය සාර්ථක රාජවංශයට ඉවහල් වනු ඇත. සොවු ඔවුන්ගේ අගනුවර නැගෙනහරි ෂැයැන් දෙසට ගෙන ගිය අතර, සැන්ග්ටිස් නදියේ දෙසට ප්‍රදේශය පුළුල් කරන ලදි. මෙය උතුරු දෙසින් දකුණට සංක්‍රමණය වු අවස්ථාව යෙන් චීන ඉතිහාසයේ තවත් එක් අවස්ථාවකි.

ඩ්වැගර් සිකිසි අධිරාජිනිය


වර්ෂ 1860 දී කුයින් කැරැල්ල මර්ධනය කරන ලදී. මේ හේතුවෙන් කුයින් පාලනයේ යුධ ආධිපත්‍ය චීනය තුළ පැතිරිණි. කුයින් රාජවංශය ස්ව ‍ශක්තිකරණ පදනම මඟින් ප්‍රශ්න නිරාකරණය කළ අතර, 1898 හා 1908 වර්ෂවල ඩ්වැගර් සික්සි විසින් මානසික අබාධයකැයි කියා ග්වැංෂු සිරකරන ලදී. 20 වැනි ශතවර්ෂය ආරම්භයේ දී බොක්ෂර් කැරලිකරුවන් උතුරු චීනයට තර්ජනයක් විය. ඩිවැගර් රැජිනිය ඇගේ බලය තහවුරු කර ගැනීමට ‍බොක්ෂර් සමඟ එකතු විය. පිළිතුරු වශයෙන් රාජ්‍ය අටක සන්ධානයකින් යුත් පිරිසක් ‍විදේශීය සංවිධානය බේරා ගැනීමට චීනය ආක්‍රමණය කළේය. මෙම කණ්ඩායම වුයේ බ්‍රිතාන්‍ය, ජපන්, රුසියානු, ඉතාලි, ජර්මන්, ප්‍රංශ, ඇමරිකානු සහ ඔස්ට්‍රියන් භටයන්ය.

චීන දිව්‍ය ආඥාව


චීන ඉතිහාස කතාවේ වරක් ෂෝවු රාජවංශය විසින් ෂැන් රාජ වංශය පරදවන ලද අතර ඉන්පසු ඩයි වන්දනයෙන් මිදී ලෝකෝත්තර වන්දනයක් වූ ෂැන්ග්වරුන්ගේ මළවුන් පිදීම හුරුකර ගන්නා ලදී. ඔවුන් දිව්‍යය ආඥාව යැදීමෙන් තම නීතිය නීත්‍යානුකූල බවට පත් කළහ. දේව වරම අතට ගත් පාලකයා (දිව්‍යයමය පුත්‍රයා) දිව්‍යය ආඥාව නොසළකා හැරීමෙන් සිංහාසනයෙන් පහ කිරීමටද හැකියාව තිබිණ. පාලක මඩුල්ල දිව්‍යය ආඥාව නොසළකා හැරීම ස්වාභාවික විපත් හා කැරළිවලට හේතු විය. ධර්මය විසින් ක්ෂියා සහ ෂැන්ග් රාජ වංශවල අභාවය සාධාරණීකරණය කරන ලද අතර වර්තමාන සහ අනාගත පාලකයන්ගේ සුදුසු නුසුදුසු බව අනුමත කෙරිණි. ෂෝවු රාජ වංශය ආරම්භ වූයේ ජී පෙළපතින් වූ අතර එහි අගනගරය හාඩ් ( වර්තමානයේ වෙයි ගංගා මිටියාවතේ ක්සියෑං) විය. යටත් විජිත වාදය හා ජනපදකරණය හර හා ෂැන්ග් රාජ වංශයේ භාෂාව හා සංස්කෘතිය උකහා ගනිමින් මුල් කුලීන ෂෝවු පාලකයින් ෂැන්ඩොන් වැනි ඈතක විශාල මහේශාක්‍යය ප්‍රාන්තයක් පිහිට වූහ. ඒ සමගම උසස් ප්‍රජාවට අයත් සංස්කෘතියක් ද පැතිරෙන්නට විය. ෂැන්ග් කලාවේ කුඹල් කර්මාන්තයට සමකාලීනව ෂෝවු කලාවේ ලෝකඩ භාවිතයද සිදුවුණි. පසු බෑමට ලක්වීමට පෙර අපරදිග ෂෝවු තිබූ අවසාන රජයන් මේවා විය.

දකුණු සහ උතුරු චීනයේ රජ පරම්පරාව


ක්‍රි.ව. 420 දී පෙරදිග ජින් රාජ පරම්පරාවේ බිඳ වැටිමත් සමඟ චීනය දකුණු සහ උතුරු රාජ පරම්පරා යුගයට එළඹුණි. හැන්ක් ජනතාව උතුරේ ජීවත් වු සියැන් බේයි සංචාරක ගෝත්‍රවලින් එල්ල වු හමුදාමය ප්‍රහාරයන්ගෙන් බේරි සිටීමට සමත් වුහ. ඔවුන්ගේ ශිෂ්ටාචාරය තව දුරටත් වර්ධනය විය.
මේ අතර උතුරු චීනයේ ජීවත් වු සංචාරක ගෝත්‍රවලට අයත් ජනතාව අතුරෙන් වැඩි පිරිසක් ක්‍රමක් ක්‍රමයෙන් කන්ෆියුසියස් ධර්මයට අනුව තම ජීවිතය හැඩ ගස්වා ගැනීම ආරම්භ කළහ.ඒත් සමඟම ඔවුහු ක්‍රමයෙන් චීන හැන් ශිෂ්ටාචාරයට අනුගත වුහ. උතුරු සහ දකුණු චීනය අතර පැවති තරඟකාරීත්වය අතරතුර සමස්ථ චීනය පුරාවටම මුල් වරට බුද්ධ ධර්මය ප්‍රචාරණය විය. මෙම තත්ත්වය ඊට එරෙහිව නැගුණු තාවෝවාදි අනුගාමීකයින්ගේ විරෝධය ඉක්මවීමට සමත් විය. උතුරු වෙයිරාජ පරම්පරාවේ අධිරාජ්‍යයෙකු සහ දැඩි විශ්වාසයකින් යුතුව තාවෝ දහම ඇදහුවෙකු වූ ටූවෝ බා ටාවෝ විසින් අධිරාජ්‍යයා තම රාජ්‍යයෙන් බුදුදහම සම්පුර්ණයෙන් ඉවත් කරන ලෙස නියෝග කරන ලදී.
දකුණු චීනය තුළ වරින්වර රාජ්‍ය සභාව සහ වංශවත් පුද්ගලයන් අතර බුදුදහම පැවතීමට ඉඩ හල යුතු ද යන්න පිළිබදව දැඩි විවාදයක් පැවැතිණි. අවසානයේදී දකුණු සහ උතුරු රාජ පරම්පරා යුගයෙහි අවසාන භාගයේදී බෞද්ධාගමික සහ තාවෝ වාදි අනුගාමිකයෝ එකිනෙකා කෙරෙහි වඩාත් ඉවසන සුළු ආකල්ප දැරීමට හුරුවූහ.
ක්‍රි.ව. 589 දී සුයි විසින් අවසාන දකුණු රාජ වංශයට අයත් රාජ්‍යය ද තම රාජ්‍යයට ඇදා ගන්නා ලදී. මෙම අවසාන දකුණු රාජ වංශයට අයත් රාජ්‍ය චෙන් නම් වු අතර හමුදා බලය යොදා එය අල්ලා ගැනීමත් සමග දකුණු සහ උතුරු රාජ පරම්පරාවන්ගේ යුගය නිමාවට පත් විය.

යොක්ග් ලී අධිරාජ්‍යා යටතේ පැවති මින්ග් චීන කලාපය


මෙම අධිරාජ්‍යය ශක්තිමත් හා සංයුක්ත රාජ්‍යයක් වු අතර එය රාජ්‍ය පාලනය ඒකාබද්ධ කළේය.

අතීත චීනය (වසන්ත හා සරත් කාලය)


8 වන ශතවර්ෂයේ වසන්ත හා සරත් කාලවලදී බලය මධ්‍යස්ථ විය. මේ කාලයේදී සෝවු රාජවංශය විසින් යෙදවු හමුදා නායකයෝ නායකත්වය සඳහා සිය බලය යෙදවුහ. වයඹ දිග සිට වින් ජනයා පැමිණීමත් සමඟ මෙම තත්ත්වය උග්‍රවිය. ඔවුන් සෝවු අගනගරය නැගෙනහිරට ගෙන යන ලෙස බල කළේය. එයින් ‍සෝවු රාජවංශයයේ 2වන විශාලතම කලාපය වු නැගෙනහිර සෝවු බිහිවිය. එහි ප්‍රාන්ත සිය ගණනක් ඇති විණි. ඒවායෙහි විසු දේශීය බලවතුන් දේශපාලන බලය ලබා ගත් අතර, ‍රජුට නාමික වශයෙන් පමණක් සේවය ක‍ළේය. වෙනස් වන දේශපාලනයට ප්‍රතිචාර වශයෙන් නන්ෆ්‍රනිසම්, මාබෝ වාදය, නිති ගැතියාව හා මොනිසම් ඇති විය.

සතුරු රාජ්‍ය කාලය


දේශපාලන ‍නැඹුරුතාවයකින් අනතුරුව 5 වන ශතවර්ෂයෙන් පසු මුලික රාජ්‍යයන් 7 ක් ඉතිරි විණි. එම රාජ්‍යයන් සටන් කල කාල වකවානුව සතුරු රාජ්‍ය කාලය ලෙස හැඳින්විය. ක්‍රි. පු. 256 තෙත් නාමික සෝවු රජවරයෙක් සිටියේය. ඔහුට සීමිත බලයක් තිබු අතර මෙම සතුරු රාජ්‍යයන් අතර, වර්තමාන ෂිතුවාන්, හා ලිගෝනින් විය. මේවා පාලනය වන ලද්දේ ආඥාපති හා ආණ්ඩුකාරයකු විසින් පාලනය කරනු ලබන ප්‍රාන්තයක් ලෙසිනි. මෙම පද්ධතිය වසන්ත හා සරත් කාලයේ භාවිතා වු අතර වර්තමානයේ ෂෙන්ග් හා ෂියෑන්ග් ප්‍රාන්තවල මෙම පද්ධතිය දක්නට ඇත. මෙහි අවසාන ව්‍යාප්ත කිරීම තුයින්හි රජ වූ යන්ග් සෙන්ග් ගේ වකවානුවේ දී සිදු විය. මොහු තවත් ප්‍රාන්ත 6 ක් එක්සත් කල අතර එය යාබද කරන ලද්දේ ජේරියැන්ග්, ෆුජිආන්, ග්බැන්ග්‍‍ඩොන්ග් හා ගුවැන්ග්ෂිය.


අධිරාජ්‍ය 03 හා රජවරුන් 05


ශියා රජවංශය - 2100 – 1600 BC
ගුන්ග් රාජවංශය -1600 – 1046 BC
ෂෝ රාජවංශය 1122 – 256 BC
බටහිර ෂෝ නැගෙනර ෂෝ
වසන්ත හා සරත් කාලය
සතුරු රාජ්‍ය කාලය

රාජකිය


ක්වින් රාජවංශය - 221 BC - 206 BC
පැන් රාජවංශය - 200 BC – 220
බටහිර පැන් - ක්ෂිය රාජවංශය, නැගෙනහිර තැන්
රාජධානි 3 - 220 – 280 (වේ.ප්‍ර.මා බු)
ජින් රාජවංශය - 265 – 420 බටහිර ජින්
නැගෙනහිර ජින් - රාජධානි 16 – 304 – 439
දකුණු හා උතුරු රාජවංශය - 420 -589
සුයී රාජවංශය - 581 – 618
මැන්ග් රාජවංශය - 618 – 907 (2 වන ෂෝ 690 – 705)
රාජවංශ 5 ක් හා රාජධානි 10 - 907 – 1279
ලියෝ රාජවංශය - 407 – 1125
සොන්ග් රාජවංශය - 960 – 1279
උතුරු සොන්ග් - ඩබ්. ෂියා රාජවංශ
යු ආන් රාජවංශය - 1271 – 1568
මින්ග් රාජවංශය - 1368 - 1644
තුවින්ග් රාජවංශය - 1644 – 1911

වර්තමානය


චීන සමූහාණ්ඩුව - 1912 – 1949
චීන සමූහාණ්ඩුව - 1712 - 1949
මහජන චීන සමූහාණ්ඩුව - 1949 සිට වර්තමානය දක්වා

චීන ඉතිහාසය අධිරාජ්‍ය 03 කින් හා අධිරාජ්‍යවරුන් (52) පනස් දෙදෙනකු සැදුම්ලත් රාජ්‍යයකි. චීන අධිරාජ්‍යයට අවුරුදු 5000 ක් පැරණි ඉතිහාසයක් ඇත. චීනය නම් ලොකයේ තිබෙන අතීතයේ සිට පැවත එන එකම ශිෂ්ඨාචාරය වේ.


චීන සමූහාණ්ඩුව


චීන සමූහාණ්ඩුවෙහි නිර්මාතෘ සහ පළමු ජනාධිපති සං යැට්-සෙං
තුරින් පාලනය හා චිනයේ දුර්වලතාවය හේතුවෙන් තරැණ නිලධාරින් හමුදා නිලධාරින් හා ශිෂයකන් සුත් යත් සෙන් ගේ විප්ලවීය අදහස් මත කුයින් රාජවංශය බිද දමා සමුහාණ්ඩුවක ඇති කිරීමට පියවර ගත්හ.

චීනයේ වහල් සේවය 1910 දී අහෝසි කරන ලදි.

1911 ඔක්තෝම්බර් 10 බූහන්හි චූචිං හමුදාවක් ඉස්මතු විය. 1912 මාර්තු 12 නැන්ජින්හ සංසැන් සෙත් ජනාධිපති යටතේ චීන සමුහාණ්ඩුව පිහිට විය. නමුත් යුෂං ෂිකාටි හට බලය පැවරිමට සං යැක් සෙන් හට බල කෙරැණි. ඉදිරි වර්ෂවල යුආං රාජ්‍ය හා පදදේශිය සංස්ථාපිතයන් අහෝසි කළ අතර 1915 රජකීයත්වට බක් නෙරැණළුනු යු අංලේ රාජකීය අදහස් එහුගේ සගයන් විසින් දරැණු ලෙස විරැද්ධත්වයට පත් කළ අතර කැරැල්‍ලක් හමුවේ 1916 නිල්‍ය අත්හරි අතර එම ව‍සරේ ජුනි මාසයේ මිය ගියේය. මේ නිසා එන ජරජය දෙදරාගිය අතර යුධමය තත්වයකට පසුබිම් විය. 1919 මේගොත් සංවිධානය ආරම්භ වුයේ වර්සේල්ස් ගිවිසුම පළවන ලෝක යුද්ධය අවසන් කිරිමට චීනය තුල බැවිනි. බටහිර සංකල්පය චීන බුද්ධිමතුන් විවේදනයට ලක් කල අතර ප්‍රාථමික සිතුවිලි මාලාවක් ස්ථාපනය විය. මෙය වම හා දකුණු චිනය අතර අරගලයකට හේතු වු අතර ඉදිරි ශතවර්ෂය පුරා පැවිය 1920 සුන් යැන් සෙත් දකුණු චීනයේ විප්ලය ස්ථාවයක් ඇති කළ අතර දෙකඩ වු රාජ්‍ය එකතු කිරිමට පටන් ගත්හ. සෝවියට් සහයෝගය මත ඔහුගේ නෙඩ්ලින් කොවියුනිස් පක්ෂය සමග ගිවිසුමකට එළඹිය. 1925 පිළිකාවකින් ඔහු වියයෑමෙන් පසු කායිෂෙක් පාලනයය ගත් අතර දකුණු හා මධ්‍යම චීනය හමුදා පාලකයකට ගෙන උතුර ව්‍යාප්ත කළේය. දකුණ හා මධ්‍යම චීනයේ හමුදාවන් පරාජය කිරිමෙන් පසු උතුරේ පාලය ලබා ගත්හ.

අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ මත


5 වැනි සියවස වනවිට දී තවදුරටත් දේශපාලන එකඟතාවයක් ඇතිවීමෙන් පසු මුලිකව මතුව පෙනෙන රාජ්‍ය හතක් ඉතිරිව තිබිණ. මෙම අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ රාජ්‍ය පැවති යුගයේ දී මුලිකව මතුව පවතින මෙම රාජ්‍ය අතර ගැටුම් නිර්මාණය විය. නාමමාත්‍රික රජකෙනෙකු වූ සූයු(Zhou) පොදු රන් යුග 256 BCE වන තෙක් සිටි අතර, මුලිකව පාලනය හා සාමාන්‍ය බලයක්ද ඔහු සතුවිය. මෙම ප්‍රතිවිරුද්ධ රාජ්‍ය වල අසල්වාසීත්වය රැකීමටත්, භෞතික අවශ්‍යතාවය සුරක්ෂිත කිරීම සඳහාත් නූතන සිචුවාන් හා ලියොනින් පවා එකතු විය. ඔවුන් නව දේශීය පාලන ක්‍රමවේදයන් හඳුන්වා දුණි. මෙම ක්‍රමවේදය වසන්ත/සරත් සෘතු කාලය දක්වා භාවිතා කළ ද, අද ද ක්‍රම වේදයේ තුළ විවිධ කොටස් දක්නට ඇත. මෙම යුගයේ අවසාන දිගහැරුම ආරම්භ වුයේ සින්ග් ෂෙන්ග් රජු කාලයේ දීය.

වර්තමාන තත්වය


1949 වසරේ ඔක්තෝම්බර් 01 දින චීනය චීන ජනතා සමූහාණ්ඩුව බවට පත්වීමත් සමග නැවත වරක් තායිවානය දේශපාලනික වශයෙන් චීන රාජ්‍යයෙන් වෙන් විය. කෙසේ නමුත් තායිවානයේ දේශපාලනික සහ නෛතික තත්වය වර්තමානය වනවිටද අපැහැදිලි තත්වයක පවතී. 1990 පටන් තායිවානය පාලනය කරනු ලබන චීන රජය අන්තර්ජාතික පිළිගැනීම ලබාගැනීම සඳහා දැඩි උත්සාහයක් දරමින් සිටී. මේ වන විට ඔවුන් යටතේ ෆූජියා වෙරළට ඔබ්බෙන් පිහිටි ඇතැම් කුඩා දූපත් සහ තායිවානය හා සම්බන්ධ දූපත් පාලනය වේ. කෙසේ නමුත් චීන ජනතා සමූහාණ්ඩු රජය මෙම ගැටළුව සඳහා තුන්වැනි පාර්ශවයක මැදිහත් වීම් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර ඔවුන්ගේ මතය වන්නේ සියළු විදේශීය සබඳතා තනි චීනයක් යන පදනම මත ක්‍රියාත්මක විය යුතු බවයි.

Post a Comment Blogger Disqus

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top