GuidePedia

1

සිංහල නීතිය (උඩරට නීතිය) අතීතයේ සිට සිංහල රාජධානියේ පැවති නීති පද්ධතියයි. ලන්දේසී සමය දක්වා මුළු රටම මෙම නීතියට යටත් විය. 1815 ඉංග්‍රීසීන්ට සටත්වනතෙක් කන්ද උඩරටට සීමා වූ සිංහල රාජධානියේ පැවති එකම නීති හා සිරිත් පද්ධතියයි. උඩරට නීතිය අලිඛිත එකක් වූ අතර සිරිත් ලෙස පැවති රීති සමුදායක් ලෙස සැලකිය හැකිය. 1815 ට පෙර උඩරට නීතිය එම ප්‍රදේශයේ සියලුම පුරවැසියන්ට ජාතිය, ආගම හෝ කුලය නොසලකා අදාල වූ ප්‍රාදේශීය නීතියක් ලෙස පැවතිනි.

සිංහල නීතියේ කොටස්


වංශ කථා සහ සෙල්ලිපි අනුව


  1. චාරිත‍්ත ධම‍්ම හෙවත් වෝහාර ධම‍්ම
  2. පුබ්බ චාරිත‍්ත
  3. වැවස්තා සිරිතැ

1976 රජසිරිත් හා ලෝ සිරිත් පිලිතුරු ලිපිය අනුව


  1. ලෝක චාරිත්‍ර
  2. රාජ නීතිය

1815ට පසු සැකසූ නීති නිඝණ්ඩුව අනුව


  1. ධර්ම නීතිය
  2. සිරිත් නීතිය
  3. රාජ නීතිය

උඩරට ගිවිසුම


උඩරට නිති අදාලත්වය සීමා වීම


ඉංග්‍රීසීන් උඩරට නීතිය අශිශ්ට නීතියක් ලෙස සලකන ලද අතර අත් පා කපා දැමීම, බහු පුරුෂ සේවනය අනුමත කිරීම යනාදී කරුණු ඔවුන් නොරිස්සූහ. එම නිසා උඩරට නීතියේ එවැනි කොටස් අවලංගු කිරීමට ඉංග්‍රීසීන් කටයුතු කලහ.

උඩරට නිතිය පුද්ගල නීතියක් බවට පත්වීම


ඉංග්‍රීසි නීතිය ප්‍රාදේශීය නීතියක් වශයෙන් උඩරට පලාතට ඇතුලත් වන සියලු දෙනාටම අදාල වන බව ඉංග්‍රීසීහු දැන සිටියහ. එනිසා ක්‍රමිකව එම තත්වය වෙනස් කිරීමට ඉංග්‍රීසීන් කටයුතු කලහ.

වර්තමානයේ උඩරට නීතියේ අදාලත්වය


වර්තමානයේදී උඩරට නීතිය විවාහය, සුජාතහාවය, දේපල හාරකාරත්වය, රැකවරණය, බාලවයස්කරුවන්, දෙමාපියන් හා දරුවන්, ත්‍යාග සහ අන්තිම කැමැති පත්‍රයක් නොමැති අනුප්‍රාප්තිය වැනි ක්ෂේත්‍ර වලදී පමණක් අදාල වේ.

ඉඩම් උරුමය පිළිබඳ සිංහල නීතිය


අවිවාහකයන්ගේ ඉඩම්

අයෙකුගේ මරණින් පසු ඉඩම් උරුමය පිළිබඳ සිංහල නීතිය

දෙමාපියන් ජීවත්වන අවිවාහකයන්ගේ ඉඩම්: දෙමාපියන්ට
අම්මා හෝ අප්පච්චී පමණකි ජීවත්වන අවිවාහකයන්ගේ ඉඩම්: 1/2 අම්මාට හෝ අප්පච්චීට, ඉතිරිය සමව බෙදා සහෝදර සහෝදරියන්ට
දෙමාපියන් ජීවතුන් අතර නැති අවිවාහකයන්ගේ ඉඩම්: සමව බෙදා සහෝදර සහෝදරියන්ට

විවාහකයන්ගේ ඉඩම්

තරමක් සංකීර්ණ නීතියකි.

Post a Comment Blogger Disqus

  1. අහම්බෙන් පැමිණි වටිනා ස්ථානයක් . දිගටම පවත්වා ගෙන් යන්න

    ReplyDelete

 
Top