භෞතික වශයන් මිහින්තලයේ වැදගත්කම
භෞතික වශයෙන් මිහින්තලය අපට ඉතා වැදගත් වේ.සිංහල බෞද්ධයාගේ ඓතිහාසික උරුමයන් එමෙන්ම සිංහල කලා ශිල්පියා ගේ හැකියා දක්ෂතා නැණ නුවණ විදහා දක්වන ස්ථානයක් වශයෙන් ද මිහින්තලය දැක්විය හැකය.මිහින්තලා පුඡා භුමියේ පිහිටි ගොඩනැඟිලි ගත්විට ඒවා කොටස් කර අධ්‍යනය කිරිම ඉතාමත් පහසු වේ.මූර්ති,පොකුණු,චෛත්‍ය ද ඊට අමතරව වෙනත් මූර්ති හා කැටයම් ද දක්නට ලැබේ.මේ සියල්ල අපට මහින්දාගමනය තුලින් ලැබුණු සංස්කෘතික දායාදයක් වේ.ගෘහ නිර්මාණ
මිහින්තලයේ ගෘහ නිර්මාණ අතර ආරාම ද ඉඳිකර තිබුණි.වෙදහලටත් කඳු පාමුල පියගැට පෙළටත් අතර ප්‍රාකාරයකින් සමන්විත වු පැරණි ආරාම ගොඩනැඟිල්ලක නෂ්ටාවශේෂ දක්නට පුළුවන.චතුරාශ්‍රකාර මෙම ආරාම ගොඩනැඟිල්ල වර්ග අඩි 125ක් පමණ වේ. මෙම චතුරශ්‍රය මැද ප්‍රාසාදයකි. එයට නිරිත හා ගිණිකොන දිගින් තවත් අතුරු ප්‍රාසාද දෙකකි. ආරාමයට ඇතුළු වන තැන දොරටු පාල රූප ,මකර කොරවක්ගල හා නාග දොරටුපාල රූප සහිත සෝපාන මාලාවෙන් සමන්විතය එමෙන්ම පාරේ වම්පසද එවැනි ආරාම ගොඩනැඟිල්ලක නෂ්ටාවශේෂ හමුවේ. මෙම ආරාම සිමාමැද පිළිම ගෙයක් හා ඒ පිළිබඳ ගෙයි සතරකොණ පිරිවෙන් සතරක්ද දක්නට පුළුවන.මේ අයුරින් ආරාම කිහිපයක් ද මිහින්තලා ගෘහ නිර්මාණ අතර දක්නට ලැබේ. පුරාණ ලංකාවේ භික්ෂුන් වහන්සේ ජිවත් වු ආරාමවල කටයුතු සංවිධානය හා භික්ෂු ජිවිතයට අදළ වෙනත් පොදු කරුණු ද සාකච්ඡා කිරිම පිණිස සංඝයා වහන්සේ එක්තැන් වු ස්ථානය සන්නිපාත ශාලාව නම් විය.එය නුතන රැස්විම් ශාලාවක ස්වරුපය ගත්තේය.සන්නිපාත ශාලාව පිහිටියේ මිහින්තලා විහාරයේ මැද කාහටත් පහසුවෙන් ළාගාවිය හැකි භුමි භාගයකය.සමචතුරාශ්‍රාකාර එම ගොඩනැඟිල්ල එක් පැත්තකින් අඩි 63ක් පමණ වේ.මෙම ශාලාව ස්වරුපය ගත්තේය.දාගෙය නම් චතුරාශාකාර ගොඩනැඟිල්ලක් ඇත.එය සමහර විටක ඉහළ මාලයකින් ද සමන්විත වුවා විය හැක.එසේ නම් ඉහළ මාළය දැවෙන් නිර්මිතව තබි කාලයාගේ ඈවැමෙන් විනාශවී යන්නට ඇත.එම මාලය දරා සිටි ගල් කණුවලින් කිහිපයක් හෝ අද දින දැක ගත හැකිය.දාගෙයි පහත මාලය පිළිම ගෙයක් වශයෙන් සකස් වී ඇත.දාගෙය ද මිහින්තලා ගෘහ නිර්මාණ අතර විශේෂ ස්ථානයක් ගනී.
මිහින්තලයේ 2වෙනි සේන රඡු විසින් ආරෝග්‍ය ශාලාවක් කරවු බව මහාවංශයේ සඳහන් වෙයි.5වෙනි කාශ්‍යප රඡු හා සේන නැමැති අමාත්‍යවරයෙකු විසින් තවත් ආරෝග්‍ය ශාලා දෙකක් කරවු බවද කිය වේ.අනුරාධපුර යුගයේ දී ආරෝග්‍යශාලා සේවය හා වෛද්‍ය වෘත්තිය ඉතාම උස්සව පැවති බව මිහින්තලයේ දක්නට ලැබුණු මෙම ආරෝග්‍යශාලාවේ මිනිසෙකුගේ ප්‍රමාණයේ බෙහෙත් ඔරුවක් දක්නට ලැබේ මෙම ආරෝග්‍යශාලාව විහාරයට ගිණිකාණින් පිහිටා ඇත.මෙහි දිග 6ක්ද වෙයි.පිටතින් තාප්පයක් දිගේ එක හා සමාන කාමර 27ක් තිබු බව පේනේ.
චෛත්‍ය
මිහින්තලය නම් වු ඇති උත්තම ස්ථානයේ චෛත්‍ය කිහිපයක්ද පිහිටා ඇත.ඒ අතර කණ්ඨක චේතිය,මහා සෑය,මිහිඳු සෑය ,ඇත්වෙහෙර,ඉඳිකටු සෑය ආදී චෛත්‍ය ප්‍රධාන තැනක් ගනී.මිහින්තලයේ පළමුවෙනි පඩි පේළිය අවසන් වු තැන දකුණු පසින්වු විසිතුරු සේවනේ මෙම කණ්ඨක ථුපය පිහිටා ඇත.මෙම ථුපය කිරිබඩපවු දාගැබ නමින්ද ව්‍යවහාරයේ පැවති ඇත.මෙම ථුපයේ බාහිර බැම්මට තරමක් දුරින් ඇතුළු බැම්ම පිහිටා තිබු අතර තවත් හරස් බැම්ද පිහිටා ඇත.මෙම ථුපය ඉතා වැදගත් වන්නේමෙහි පිහිටා ඇති වාහල්කඩ හේතුවෙනි.දැනට හමු වී ඇති ඉතා සුරක්ෂිතම වාහල්කඩ වේ මේ අයුරින් කණ්ඨක චේතිය පෞරානික වශයෙන් අපට ඉතා වැදගත්වේ. මිහින්තලා කඳු මුදුනේ සුදෝ සුදට බැබළෙන මහා සෑය නෙතට හමුවන්නේ ඈත සිටය.මිහින්තලාව හඳුනාගත හැකි සංකේතය මහා සෑයයි. මහාදාඨික මහානගරඡු විසින්මෙම ස්ථුපය ගොඩනඟන ලදී.ජන විශ්වාසය අනුව බුදුන්වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ නිදන්කොට බඳනා ලදැයි කියන මෙම මහාසෑය පුඡාවලියේ හා සතරවන මිහිදුරඡුගේ මිහිදු පුවරු ලිපියේද හැඳින්වෙන්නේ අම්බුළු දාගැබ් පාදයේ විශ්කම්භය අඩි 136ක්වන අතර,උස අඩි 45ක් පමණවේ.ස්තූපයේ පේසා වළලු තුනකි.සුදෝ සුදට බැබළෙන මෙම මහා සෑය නෙතට හමුවෙත්ම සිංහල බෞද්ධයා ගේ සිත ශ්‍රද්ධාවෙන් පිරි ඉතිරි යන්නෙය. මිහින්තලයේ හමු වු චෛත්‍ය අතර තවත් වැදගත් චෛත්‍යයක් වන්නේ ඉඳිකටු සෑයයි.මෙය ලංකාවේ දක්නට ලැබෙන ඉතාම දුර්ලභ ගනයේ ථුපයකි.මෙම ථුපය දිගටි ගර්භයකින් යුතු එකකි.මෙහි පාදමේ ශෛලමය නෙළුම් පෙති බොරදම් යොදා තිබේ.මෙහි පාදම අටපට්ටම් එකකි.පැත්තක දිග අඩි දහයයි අඟල් හයකි විෂ්කම්භය අඩි විසිහතයි අඟල් හයකි අඩිතාලම බොරදම් සහිතව ගලින් නිමවා ඇති අතර ගර්භවල පාදය තනි කළු ගලින් නිමවා ඇති බව දක්නට ලැබේ.
කඑදිය පොකුණ
ගල්බැම් බැඳ නයි පෙන පහකින් අලංකාර කොට ඉහළ කඳු මතින් ගලා එන දියපාර එක්රැස් කළ මෙම පොකුණ හඳුන්වන්නේ නාග පොකුණ නමිනි එය වංශ කථාවේ නාග සොන්චි කියා හැදින්වේ.මිහිඳුමාහිමියන් අනුරාධපුරයේ සිට වස් වැසිම පිණිස සෑගිරියට පැමිණ මොහොතේ මෙම පොකුණේන් නාගත් බව මහාවංශය කියයි නාග පොකුණ ප්‍රමාණයෙන් මිටර් දොළහක් පමණ දිගවන අතර පළලින් එය මිටර් පහක් පමණ වේ.
රාජගිරිය ලෙණෙන් නැගෙනහිර පැත්තට වන්නට කඑ දිය පොකුණ පිහිටා ඇත.නිසංසල පරිසරයක පිහිටි මෙම පොකුණ අවට ඇත්තේ ගල්ලෙන් ස්නානාගාර,භාවනා ශාලා,දාගැබ් පිරිවෙන් ආදියෙන් පිරි පුරාණ ආරාමයක නටබුන්ය.මෙම පොකුණේ දිය කඑ පාට නිසාම මේ නම ලැබි ඇති බව පෙනේ.බැඩි කල කන්දෙන් ගලන දිය එකතු කොට සැදු මෙම පොකුණ පරිසරයට අමුතුම සිරියාවක් ගෙනදෙයි.අඩි 200ක් පමණ දිගින්ද අඩි 70ක් පමණ පළලින්ද යුත් කඑ දිය පොකුණ නිමවා ඇති අයුරින් පරිසරය ස්වාභාවික ලක්ෂණ වඩාත් ඔපවත් වෙයි.
Post a Comment Blogger Disqus