ක්‍රිස්තු ධර්මයේ මුල් යුගය (33-325)
ක්‍රිස්තු ධර්මයේ මුල් යුගය වන්නේ එම ධර්මය ග්‍රීක-රෝමානු ලෝකය තුළ හා ඉන් එපිටට පැතිරුණු කාල පරිච්ඡේදයටයි. එහි ආරම්භය නම් පළමු වන සියවසේ යුදෙව් නිකාය සිට ක්‍රිස්තියානු රාජ වදහිංසා අවසානය තෙක්ය, එනම් මහත් වු කොන්ස්තන්තයින්ගේ ස්වර්ගාරෝහණය (ක්‍රි.ව 313) සිට නිසියේ පලමු කතිකාව (ක්‍රි.ව 325) දක්වාය. මෙය අවධි දෙකකට බෙදිය හැක එනම්,· ධර්ම දූතික කාල වකවානුව හා
· ධර්ම දූතිකවරුන්ගෙන් පසු කාල වකවානුව යනුවෙනි.
ධර්ම දූතික පල්ලිය
ධර්ම දූත පල්ලිය හෝ පුරාතන පල්ලිය වුයේ ජේසුස් වහන්සේගේ ධර්ම දූතවරුන්ගේ හා ඥතින්ගේ ද සහාය ඇතිව ඵල දරාපු සමාජයටයි. මහ කොමිසම අනුව, උත්ථාන වු ජේසුස් වහන්සේ ඔහුගේ ඉගැන්වීම් ලෝකයට කියාදෙන ලෙස ධර්ම දූතකවරුන්‍ට අණ කළේය. මෙම කාලවකවානුවේ තොරතුරු පිළිබඳ මුලාශ්‍රය දරන්නේ ධර්ම දූතවරුන්ගේ ක්‍රියා පොතයි. මෙහි මහා කොමිසම ඇතුලුව පල්ලි ඉතිහාසය හා පෙන්තකොස්තය, ජෙරුසලම් පල්ලිය යුදෙව් නොවන සමාජය තුළ ස්ථාපිත කිරීම,පාවුළුගේ සංවර්තනය සහ රෝමයේ පළමු වන මැද සියවසේ අනුෂාංගික සිරකොට තැබිම යන කොටස් ඇතුළත් වේ. කෙසේ වුවද, මෙහි ක්‍රියා සම්බන්ධවන සියළුම ජනවාර්ගික යුදෙව්වරු හා යුදෙව් පරාවර්තිකයෝ මුල් ක්‍රිස්තියානීහු වුහ. මෙය වෙනත් වචන වලින් විස්තර කරන්නේ නම්, පැරණි ලේඛනගත වු ශ්‍රාවකයන් හැත්තෑදෙනා නොව ජේසුස් වහන්සේ යුදෙව්වරුන්ට දේශනා කර උන්වහන්සේ ඔවුන් අතරින් පළමු ධර්ම දූතකවරුන් කැඳවීය. පැරණි මතයන් අනුව ක්‍රිස්තියානිවරුන් වීමට පෙර යුදෙව් නොවන ජනතාව, යුදෙව්වරුන් බවට සංවර්තනය වීම පිළිබඳව කරුණු කාරණා ගොඩනැංවුණි. ප්‍රධාන කොනිලියස්ගේ සංවර්තනය සාක්ෂි කොට ගෙන, පීතර්ගේ තීරණය මෙම කරුණට විරුද්ධ වු අතර මෙය තවදුරටත් ජෙරුසිලම් සභාව වෙතට යොමු විය. සයිමන් පීතර්ගේ ප්‍රමුඛතාවය ද ඉන් එකකි. නව තර්කයන් සඳහා ක්‍රිස්තියානුවන් නීතිය පිළිබඳ දක්වන මතයන් පැරණි ගිවිසුමෙන් විමසිය හැකිවේ. යුදෙව් ආගම සමගාමීව නෝවාගේ නීතිය මඟින්ද විමසිය හැකිය.යුදෙව් ආගම් අධිකාරිය සමඟ ධර්ම දූතකවරු මුල් යුගයේ ක්‍රිස්තු සභාව කෙරෙහි විරෝධතා දැක්වීය. ඒ අනුව ක්‍රිස්තියානු ධර්මය, යුදෙව් නීතිය හා ඉගැන්වීම් සම්බන්ධව වෙනස්කම් රැසක් අත්කර ගත්තේය. “ක්‍රිස්තියානු” යන නාමය ප්‍රථම වරට ආලේපනය කරන ලද්දේ ඇන්ටියෝකයේ ශ්‍රාවකයන් හටය.
මුල් මධ්‍යකාලින යුගයේ ක්‍රිස්තු සභාව (476-800)
මොසයික් ජස්ටිනියන් I , San Vitale පල්ලිය, Ravenna, Italy |
ක්‍රිස්තු සභාව පවතින්නේ ක්‍රි.ව. 476 සිට අවසාන බටහිර අධිරාජයාද නෙරපා ඔහු වෙනුවට III වන ලියෝ පාප් වහන්සේ විසින් ක්‍රි.ව. 800දී (එනම් 800 වැනි නත්තල් දිනයේ දී) බාබේරියානු රජු පත් වු කාලය දක්වා වූ අවධියේය. නැගෙනහිර රෝමානු රාජ්‍ය නීති පවත්වාගෙන ගිය කාලය බයිසැන්ටින අධිරාජ්‍ය ලෙස නම් කෙරේ. බටහිර රාජ්‍යන්හි, මෙම නීති ක්‍රමයෙන් නැතිව ගිය නමුත් පසු කාලයේ දී රෝමානු සංස්කෘතිය මඟින් එය යළි ගොඩ නැංවීය. 17 වන සියවසේ දී ඇතිවූ මුස්ලිම් ආක්‍රමණයන් නිසා බටහිර (ලතින්) ප්‍රදේශය හා නැගෙනහිර (ග්‍රීක) ප්‍රදේශ විවිධත්වයක් ගනු ලැබිණි. නැගෙනහිර ග්‍රීක පල්ලි මගින් එහි සංවිධානය හා ලක්ෂණයන් ක්‍රම ක්‍රමයෙන් පවත්වාගෙන ගියහ. බටහිර රෝමයේ බිෂෝප්වරු ඔවුන් සතු මුදල් යොදමින් සංවිධානයේ ලක්ෂණවල වෙනස්කම් වලට අනුවර්තනය වීමට ජනයා පොළඹවන ලදහ. නැගෙනහිර රෝමානු අධිරාජ්‍යයේ නීති වලට නැගෙනහිර බිෂොප්වරු ගරු කළ ද, ඔවුන්ටද පැරණි බටහිර ප්‍රාන්තවල පැවති කමයෙන්බු හා බාබේරියානු නීති වලට ගරු කිරීමට අණ කෙරිණි. නැගෙනහිර ලෝකයේ බොහෝ ක්‍රිස්තියානුවන් සිටි නමුත් බටහිර දිශාවේ ඇති වු දියුණුව ක්‍රිස්තියානු ලෝකයේ අවසාන මධ්‍යකාලීන යුගයට දමන ලද අත්තිවාරමක් විය.
රෝමානු අධිරාජ්‍යයේ සභාව
ඉතා පැරණි කාලයේ අවසානයේ පැවති ක්‍රිස්තු ධර්මය ආරම්භ වුයේ ක්‍රි.ව.4 වැනි සියවසේ මුල් කාලයේය(කොන්ස්තන්තනින්ගේ ස්වර්ගාරෝහණය සිට රෝමයේ අධිරාජ්‍යයා පත් කිරීම) .එතැන් සිට මධ්‍යකාලීන යුග සම්ප්‍රාප්තිය දක්වාම මෙය ව්‍යාප්ත විය. මෙම කාලයේදී අරමුණු විවිධත්වයකට හේතු වුයේ උප රෝමානුවන් ක්‍රමක්‍රමයෙන් පරිවර්තනය වීමත් එම පරිවර්තනය විවිධ ස්ථාන වලදී, විවිධ වේලාවන් හිදී සිදු වු බැවිනුත්ය. මෙම ධර්මය පවතිනුයේ දළ වශයෙන්, 6 වන සියවසේ අවසානය (අන්තිම රෝම අධිරාජ්‍ය වු රොමිලස් ඔගස්ටස් පදවියෙන් පහ කිරීම) දක්වාය.
ක්‍රිස්තියානියේ ෆෝටියන් භේදය
ක්‍රි.ව 9 වැනි සියවසේදී බයසන්තීන් අධිරාජ්‍යයා වන තුන්වැනි මිචෙල් විසින් කොන්ස්ත්න්තිනෝපල් පූජක තනතුරට පළවෙනි ෆෝටියස්ව පත්කරන ලදී. ඊට රෝම පාප් වහන්සේ වූ හත්වැනි ජෝන් විරුද්ධතාව පළකිරීම හේතුවෙන් නැගෙනහිර හා බටහිර ක්‍රිස්තියානින් අතර මතභේදයක් ඇතිවිය.ෆෝටියස් විසින් මෙම නැගෙනහිර හා බටහිර ක්‍රිස්තියානීන් අතර අරගලය ඇතිවීම වෙනුවෙන් පාප් වහන්සේගෙන් සමාව අයදීමද ප්‍රතික්ෂේප කළේය. එමෙන්ම නැගෙනහිර ඇතිවන කරුණුවලදී පාප් වහන්සේ සතු පූර්ණ ආධිපත්‍ය හෝ පීතෘ පුත්‍රජ රීතිය පිළිගැනීමටද ෆෝටියස් අකමැති විය. ඔහුගේ අභිෂේක සභාවේ සිටි ලතින් නියෝජිත මණ්ඩලය විසින් ඔවුන්ගේ සහාය ලබා ගැනීමට නම් මෙම රීතිය පිළිගන්නා ලෙස ඔහුට බල කළහ. එමෙන්ම මෙම මතභේදය ඇති වීමට බල්ගේරියානු පල්ලියේ හා බටහිර විනයානුගත පූජක අධිකරණ බලය මෙන්ම ෆිලියෝකියු රීතිය මත ඇතිවු ආගමික ආරවුලද හේතු විය.11 වැනි සියවසේ දී ඇතිවූ බටහිර-නැගෙනහිර භේදයේදී, දේව ධර්මය බිඳ වැටීමක් සිදු වුණි. ලතින් පල්ලිය විසින් බිඳ වැටුණු දේව ධර්මය මෙම ඇදහීමට එක් කරනු ලැබිණි. බල්ගේරියාව සැලකිල්ලට ගනිමින් අධිකරණ බලයේ ප්‍රථිඵලය ෆොටියස් විසින් පිළිගන්නා ලදී. බල්ගේරියාවේ සිට රෝමයට නික්මීම හේතුවෙන් පාප් වහන්සේගේ නියෝජිතයා නැවත කටයුතු ඇරඹීය. කෙසේ වෙතත් මෙම පිළිගැනීම නාමික විය. බල්ගේරියාවේ පළමු වැනි බෝරිස්ගේ අවසරය නොමැතිව වෙනත් කිසිම හිමිකමකට පාප් පදවිය වෙනුවෙන් බල කිරීමට නොහැකි විය.
පෙරදිග හා අපරදිග වැසියන් අතර ඇති මතභේදයන්හි වර්ධනය
ක්‍රිස්තියානි ධර්මය තුල ඇතිවු මතභේද හේතුවෙන් ක්‍රි.ව 4 වන සියවසෙහි මහා නිකාය භේදය ඇති වු බවට සාක්ෂි පවති. මහානිකාය භේදය 1054 ඇති වු බවට අනුමාන කල ද, එය සිද්ධ වු දිනය පිලිබද නිශ්චිතව පැවසිම අපහසු වි ඇත. වසර ගණනාවක් පුරා ඇති වු සංකිර්ණ ක්‍රියා සමුදායක් හේතුකොට ගෙන අවසානයේදි 1204 දි පැවති 4 වන කුරැස යුද්ධයෙන් කොන්ස්තන්තිනෝපලය කොටස් කිහිපයකට බෙදි යාම නිසා මහා නිකාය භේදය ඇති වු නිසා එය ආරම්භ වු වර්ෂය නිශ්චිතවම පැවසිම අපහසුය.දේව ධර්මය හා සම්බන්ධ කාරණා හේතුකොට ගෙන මහා නිකාය භේදය ඇති නොවුනි. සංස්කෘතිකමය, දේශපාලනමය සහ විද්‍යාත්මක වෙනස්කම් දේව ධර්මය හා නිතරම බද්ධ ව පවති.නමුත් මෙහි සදහන් එක සාධයකක් නිසා මහා නිකාය භේදය නිර්මාණය වුවායැයි සිතිම යුක්ති සහගත නොවේ. කෝප්ඨවරයන් සහ දාර්මේනිවරැන් 5 වන සියවසේදි පල්ලිය හා සම්බන්ධ වුවා සේම, පෙරදිග හා අපරදිග ක්‍රිස්තු භක්තිකයන් ද කිතු දහමට පක්ෂපාතිව සහ භක්තියෙන් සිටියහ. ඔවුන් සැම දෙනාම ඔවුන්ට පොදු වු ශ්‍රද්ධාවෙන් සහ චාරිත්‍ර තුළින් පල්ලිය හා එකමුතු කමින් වාසය කරන ලදි
කෙසේ නමුදු රෝමානු රාජධානිය කොන්ස්තන්තිනෝපලයට ගෙන යාම නිසා අනිකුත් රාජ්‍යයන් තුළ අවිශ්වාසය,විරෝධය හා ඊර්ශ්‍යාව ගොඩ නැගුණි. රෝමානු රාජධානියේ බලය අඩු වෙමින් පවති සමයක කොන්ස්තන්තිනෝපලයට ප්‍රධාන ස්ථානයක් හිමිවිම රෝමයට දරාගත නොහැකි විය. එමනිසා පෙරදිග ග්‍රිසියෙ ප්‍රදේශය සහ බටහිර ලතින් ප්‍රදේශ අතර ක්‍රි.ව 600 දි සන්නිවේදනය සම්පුර්නයෙන්ම නැතිවුණි.
ක්‍රි.ව 5 වන සියවස වන විට ක්‍රිස්තියානි ලෝකය කොටස් 5 කට පැවතුණි. රෝමය මෙහි ශ්‍රේෂ්ඨත්වය උසුලන ලදි. මෙය ධර්මයට අයත් තිරණයක් ලෙස සලකන අතර ,දේවස්ථාන කීහිපයක් මේ හා සම්බන්ධව ඇති කර ගන්නා ලදි . කෙසේ නමුත් මේ නිසා රෝම දේවස්ථානය ශ්‍රේෂ්ඨත්වය හා ස්වෛරිභාවය ගෙන ඇති ස්ථානයක් ලෙස හදුන්වා දෙන ලදි. එම නිසා දේවස්ථාන වල සිටි පුජකයන් තුල තිබු සන්සුන් බව නැති වි ඔවුන් රාජ්‍යය පාලනය සදහා උපකාර කරන පුද්ගලයන් බවට පත්විය. 11 වන සියවසේ ජෝර්යානු ප්‍රතිශ්ඨාකරණ සමයෙහි දි බටහිර දේශයන්හි මෙම නව මතය පිළිගැනිනි. නමුත් පෙරදිග දේවස්ථාන මෙම මතය බැහැර කරමින් ප්‍රකාශ කර සිටියේ පුජකයන් රාජ්‍යය පාලනය හා සම්බන්ධ විම නිසා දේවස්ථාන හා ධර්මය විනශ වන බවයි.
සමකාලින ඉතිහාසය (වර්තමාන 1848)
සමකාලීන යුගවල පල්ලි ඉතිහාසය පැතිරෙන්නේ ක්‍රි.ව.1848 විප්ලවයේ සිට අද දක්වාය.
රුසියානු සාධාර්මික පල්ලිය - රුසියානු අධිරාජ්‍යයා
Moscow Kremlin, හි සභාවන් |
රුසියානු සාධාර්මික පල්ලිය, රුසියානු අධිරාජ්‍යයේ වැදගත් ස්ථානයක් ගත්තේය. මෙය පාලනය කරනුයේ 18 වන සියවසේ පීතර් 1 ගේ සභාව ප්‍රතිසංස්කරණය කල ටසර් (Tsar) විසින්ය.
රස්සිෆිකේෂන් (Russification) මුල් වු විවිධ සංවිධාන සමඟ පල්ලියද සම්බන්ධ වුණි. යුදෙව් නොවන සංවිධිත ඝාතනයන්හ කෙරෙහි පල්ලියේ සම්බන්ධකම් තිබුණද ඊට විරුද්ධත්වය ද පළ කළේ ය. සැමිටික් නොවන හා යුදෙව් නොවන සංවිධිත ඝාතනවලට,ක්‍රිස්තු සභාවත් සමඟ කිසිම සම්බන්ධකමක් නොතිබුණු බවට සාක්ෂි නොතිබුණ ද, 19 වන සියවසේ සිටම ජ්‍යෙෂ්ඨ පුජකවරු යුදෙව් ජනතාවට විවෘතව බැණ වැදුණහ. තවද, යුදෙව් ආගමත් සමඟ ක්‍රිස්තු සභාව නිල සම්බන්ධයක්ද නොමැත.ගොවි/ගැමි ජනතාවට බදු නියම කිරීමට පල්ලියට බලය තිබිණි.රුසියාවේ සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් හා අනිකුත් රුසියානු විප්ලවකරුවන් විසින් පල්ලිය දක්නා ලද්දේ ජනතාවගේ සතුරා ලෙසිනි.හෙසිචැස්ට් මතභේදය
ග්‍රෙගරි පලාමස් |
ක්‍රි.ව.1337 දී පමණ හෙසිචැසම් (Hesychasm) නම් සධාර්මික පල්ලිය උගත් සාමාජිකයෙක් වු කාල්බ්‍රියාවේ බාර්ලිම්ගේ අවධානය හා ආකර්ෂණය දිනා ගනු ලැබීය. හෙසිචැස්ට්ගේ ක්‍රියාදාමයන් හා හෙසිචැසම් වල ගුරුවරයකු වු ශාන්ත ග්‍රෙගරි පලාමස්ගේ (අන්තෝනි පැවිද්දෙක්)කියවීම හා ලිවීම පිළිබඳව තොරතුරු අසන්නට අවස්ථාවක් බාර්ලම්ට ලැබේ.ඒ හෙසිචැස්ට්ව එතොස් කඳුමුදුනෙහි අහඹු ලෙස හමු වු විටයි. බටහිර දේව ධර්මයෙන් පිරිපුන් බාර්ලම්, හෙසිචැසම් විසින් සිත් කම්පා කරනු ලැබීය. ඉන් පටන් බාර්ලම් ඔහුගේ ධර්මයන් ප්‍රයෝජනයට ගෙන ලිඛිතව හා කතාබහින් සටන් කිරීමට පටන් ගත්තේය. ජේසුස් වහන්සේ පිළිබඳ අවබෝධයකින් යුක්තව, බුද්ධිමත්ව, අරමුණු සහගත අදහස් ප්‍රකාශ කිරීමට බාර්ලම් සමත් විය. හෙසිචැසම් යනු භාවනාවකි (අරමුණක් ඇතිව අඛණ්ඩව පවත්වාගෙන යන යාච්ඤා පෙළකි).
ස්වභාවධර්මය විසින් මවනු නොලැබු ආලෝකයේ අත්දැකීම, හෙසිචැස්ට්හි අරමුණිය ක්‍රියාදාමයක් වුණි. මෙය බාර්ලම් විසින් ධර්ම විරෝධිතව සහ පුජනීය ලෙස අවමානයට ලක් කරනු ලැබුවේය. හෙසිචැස්ට් මෙම ක්‍රියාදාමය නොකඩවා පවත්වා ගෙන යාමට මුල දරන්නේ හේතු ඇතිවයි.ඒ මෙම ආලෝකය, ටාබෝ කන්දේ ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන්ට ශ්‍රී විභූතියෙන් බැබලි සිටීමට සමාන කිරීමෙන් ප්‍රගුණ කිරීම හා දිව්‍යමය ආරම්භයක් යන අන්‍යරූප විලාශ පදනම් කරගෙනයි. බාර්ලම් බහුදේව වාදයෙන් පිරුණු නිසා එයින් දෘශ්‍යමාන ජේසුස් වහන්සේ හා අදෘෂ්‍යමාන ජේසුස් වහන්සේ යන සදාකාලීන තේමා දෙක වෙන්කර දැක්විය.
හෙසිචැස්ට් පක්ෂයෙහි මතභේදය ශාන්ත ග්‍රෙගරි පලාමස්ද, ඊටපසුව තෙසලොතික අග්‍රරාජ ගුරු ප්‍රසාදි වහන්සේ විසින්ද අත්පත් කරගනු ලැබුවේය.(එතොස් කඳු මුහුනෙහි හෙසිචැස්ට්ව 1 බාර්ලම් ගෙන් මුදවා ගැනීමට මොහු සහෝදර පැවිද්දන්ව යැව්වේය). ශාන්ත ග්‍රෙගරි යනු ග්‍රීක දර්ශන විද්‍යාව හැදැරූ උගතෙකි. 1340 දී ඔහු හෙසිචැසම් කොන්ස්තන්තිනෝපලයේ විවිධ මන්ත්‍රණ සබා තුනකට පැමිණි අතර විවේචනාත්මක නිර්මාණ කිහිපයක් ද ලිව්වේය.
මෙම නිර්මාණයන්හි දී ශාන්ත ග්‍රෙගරි පලාමස් ප්‍රභේදනයක් උපයෝගි කර ගත්තේය. එනම් 4 වන සියවසේ දෙවියන් වහන්සේගේ බලයෙන් හෝ මෙහෙයුම් හා දෙවියන් වහන්සේගේ හරය පිළිබඳව ලියැවුනු කැප්පඩොසියන් පියතුමන්ලාගේ නිර්මාණයන් ඇසුරින්මෙම ප්‍රභේදනයන් සොයා ගැනීම නිසාවෙනි. ශාන්ත ග්‍රෙගරි විසින් දෙවියන් වහන්සේගේ උපයෝගිමත් මෙහෙයුම් නිර්මාණය නොවුවක් බව ඉගැන්විය. මැවිල්ල හා ඔහුගේ ඉදිරි ආත්‍මය, දෙවියන් වහන්සේගේ හරය පිළිබඳව කිසිසේත් නොදැන සිටීම හා නිර්මාණය නොවුණු දෙවියන් වහන්සේගේ බලයන් හෝ මෙහෙයුම් මෙම ආත්‍මයේදී හා ඉදිරි ආත්ම වලදීත් දැන සිටීමට පුළුවන් බවටද ශාන්ත ග්‍රෙගරි ඉගැන්වුයේය. දෙවියන් වහන්සේගේ නිර්මාණය නොවු බලයන් දල්වනුයේ හෙසිචැස්ට්ගේ අනුග්‍රහයේ දැක්වුණු නිර්මාණය නොවු ආලෝකයේ අත්දැකීම බව, Palamite දේව ධර්මය අදහස් දක්වයි. පලාමස් මෙම අත්දැකිම් හැඳින්වුයේ දෙවියන් වහන්සේ පැහැදිලිවම ස්ථාපිත කරන ලද තහවුරු කිරීමක් ලෙසටයි.
1341 දී කොන්ස්තන්තිනෝපල්හි සභාව ඉදිරියේද වාදයක් ඇති විය. එය මෙහෙයවන්නට ඇන්ඩ්‍රොනිකස් අධිරාජ්‍යයා ඉදිරිපත් විය. බාර්ලම් ඔහු විසින් කියන ලද සියලු දේ ආපසු භාර ගනිමින් කැල්බ්‍රියාවට ආපසු පැමිණ රෝමානු කතෝලික සභාවේ බිෂොප්වරයකු විය.
බාර්ලම්ගේ මිත‍්‍රයෙක්, ග්‍රෙගරි ඇකින්ඩිනොස් (ශාන්ත ග්‍රෙගරි පලාමස් ගේ මුලාරම්භයේ සිටම මිත්‍රයෙක්) මතභේදයට පැමිණ, සභාවන් තුනක් සම්බන්ධව විෂයන් පිහිට වු අතර ඉන් දෙවැන්න නිසා බාර්ලම්ගේ ගෝලයෝ කෙටි ජයග්‍රහණයක් ලැබුවේය. එහෙත් 1351 දී එක් සභාවක් අධිරාජ්‍යයාගේ බලය යටතේ හෙසිචැස්ට් විද්‍යාව, සාධාර්මික සභාවේ ගොඩ නැංවුණි.
මෙම කාලය වනතුරු රෝමානු කතෝලික සභාව හෙසිචැස්ට් මුළුමනින්ම පිළිනොගෙන ඇත. ශාස්ත්‍ර කාල වකවානුව (ක්‍රි.ව.1100-1500) පමණ රෝමානු කතෝලික මතභේදය දියුණු විය. දෙවියන් වහන්සේගේ හරය දැන ගත හැක්කේ ඉදිරි ආත්මයේදී බවත්, දෙවියන් වහන්සේගේ දේව ප්‍රසාදය සෑමවිටම නිර්මාණය වන බවත්, මෙම මතභේදය අර්ථවත් වීමට තුඩු දෙන කරුණු කිහිපයකි. කැන්ටකුසීනස් සහ නිසිපොරස් ග්‍රෙගොරස් යන සමකාලීන ඉතිහාසඥයන්‍න් දෙදෙනා මෙම මාතෘකාව සම්බන්ධයෙන් හෙසිචැස්ට් හා Barlaamite පාර්ශව දෙක වෙන් වශයෙන් ගෙන ඉතා සමීපව සාකච්ඡා පවත්වනු ලබන්නේය. පල්ලි පුජකවරු මෙම සාමාගමි යාච්ඤාවන් පිළිගත් සභාවන් පවත්වාගෙන යනු ලබයි. ඒ ජගත් මන්ත්‍රණ සභා 8 හා 9 ලෙසටයි.
නව මත හා විවෘත ක්‍රිස්තුධර්මය
විවෘත ක්‍රිස්තු ධර්මය, නොහොත් විවෘත දේව ධර්මය යනු විවිධත්වයකින් පිරුණු දාර්ශනික ආගමික මඟපෙන්වීම හා ක්‍රියාවිධියයි. (18,19 හා 20 වන සියවසේ) මෙහි විවෘත යන වචනයෙන් අදහස් වන්නේ තාර්කික ක්‍රියා පිළිවෙල (continented philosophy හා වෙනත් ආගමික ආදර්ශයන් අනුවයි) යන්නයි.
මුලධර්මවාදය
මුලධර්මවාදී ක්‍රිස්තු ධර්මය, යනු බ්‍රිතාන්‍ය හා ඇමෙරිකානු ප්‍රොතෙස්තන්තවාදය ගොඩනංවන ලද මඟ පෙන්වීමකි. ඒ අනුව මුලධර්මවාදය ඇදහිල්ල/ දහම නැවත ගොඩනැගීමට වෙර දැරීය. මෙය මුලධර්මවාදය ලෙස සැලකේ. (ජේසුස් ගේ කන්‍යා උපත, ජේසුස් වහන්ගේ උත්ථානය)
දෙවන වතිකානු සභාව
23 වැනි ජෝන් පාප්වහන්සේ විසින් 1962 ඔක්තෝබර් 11 වැනි දින දෙවන වතිකානු සභාව (කතෝලික සභාවේ ක්‍රිස්තු ලෝකය නියෝජනය කරන 21 වැනි සභාව) විවෘත කරන ලදී. මෙම සභාව ජේසුස් ක්‍රිස්තුන්ගේ එඩේරුවන් ලෙස පිළිගැනේ. දේව මෙහෙයේ ක්‍රියාවන් සංශෝධනය කිරීම සංස්කෘතික ක්‍රිස්තු සභාවේ ඉගැන්වීම් නිරවුල්ව පැහැදිලි කිරීම, ඔවුන්ගේ කාර්ය භාරයන් විය. තවද මෙම සභාව ප්‍රසිද්ධ වන්නේ ප්‍රජාව තම මව් බසින් ද ලතින් භෘෂාවෙන් ද සැමරීම මුල් කරගෙනය.
ක්‍රිස්තියානි (Ecumenism) ලෝකයේ සමගිය පිළිබඳ අරමුණ
ක්‍රිස්තියානි කණ්ඩායම් අතර සමගිය පිළිබඳ සංවාදයක් ස්ථාපනය කිරීම සම්බන්ධව
ක්‍රියාත්මක වීම මෙහි අදහසයි. මෙම වදන ග්‍රීකයන්ගෙන් පැවති එන්නකි.එය
විශ්වීය ඒකත්වය ලෙස වඩාත් පහසුවෙන් හැඳින්වේ.
කතෝලික ලෝකයේ සමගිය පිළිබඳ අරමුණ (catholic Ecumenism)
අවසාන සියවස් පුරා , කතෝලික සභාව හා නැගෙනහිර යුරෝපය හා මැදපෙරදිග සම්ප්‍රදායික සභා අතර ඇතිව තිබු ආගම්භේදය නැවත සමඟි කිරීමට පියවර ගත්තේය. මෙහි දියුණුවක් ලැබුවද පාප් පදවියේ ප්‍රමුඛතාවය හා කුඩා සාධර්මික සභාව වල නිදහසට සම්බන්ධ ඕනෑකම් ආගම්භේද වල අවසාන යෝජනාවට පිටුපෑවේය.1984 දී අටවැනි ලියෝ පාප්වහන්සේ දේවස්ථාන සියල්ලම සදහා අපෝප්තලික ලියමන Orientalium Dignitas ප්‍රකාශයට පත් කළේය. (නැගෙනහිර සංස්කෘතිය ගැන වැදගත්කම් හා පවත්වාගෙන යාමේ ආරක්ෂා කිරීම සඳහා) 1965 දී mutual excommunications of 1054 ගොඩ නැංවීමට අවසරයක් VI වන පාවුළු පාප්වහන්සේට හා ජගත් සභා ගෝත්‍ර නායක පළමුවැනි ඇතෙනගෝරස්ට නිකුත් කෙරිණි. ඵෙතිහාසික නැගෙනහිර ලෝක ක්‍රිස්තු සභා සම්බන්ධයෙන් (ගොඩ නැගෙන ප්‍රශ්න වන්නේ ධර්මය)උදාහරණය :- ශාස්ත්‍රවාදය Scholasticism, 4 වන කෲසේඩිස්) සහ ප්‍රායෝගික කරුණුය. විශේෂ අභ්‍යාස වල අයිතිය හිමිවන්නේ පාප්පදවියේ ප්‍රමුඛතාවයටයි. ඔවුන්ගේ උසස් දේව ධාර්මික, සංස්කෘතික හා දේව මෙහෙවරික උරුමයේ ප්‍රතික්ෂේප කිරීම හා නවතා දැමීම ආදිය ය.
කතෝලික හා ප්‍රොතෙස්තානු කණ්ඩායම්ගේ සබැදියාව ආරක්ෂා කර ගැනිම සදහා ස්ථිර කොමිසම් පිහිටු වනු ලැබුවේය. මේවා පිහිටු වීමට හේතුවන් වුයේ සංවාද ඇතිකර ගැනිම හා මතවාද වල ඒකත්වය සම්බන්ධව නිර්මාණ වූ ලියවිලි ය.
Post a Comment Blogger Disqus