![]() |
ජෝන් ටෲම්බ්ල් විසින් නිර්මිත බන්කර් හිල් සටනෙහිදී ජනරාල් වොරන්ගේ මරණය |
ඇමෙරිකානු විප්ලවීය යුද්ධයෙහි මුල් කාලයෙහි දී, බොස්ටන් වටලෑම අතරතුර දී, 1775 ජූනි 17 දින දී බන්කර් හිල් සටන සිදු වූයේ බොහෝ ලෙසින් බ්‍රීඩ්ස් හිල් අසබඩ හි දී ය. ජනපද හා බ්‍රිතාන්‍ය හමුදාවන් විසින් නතු කර ගැනීමේ මුල් අභිප්රායක් වූ බන්කර් හිල් අවට සටන පැවතීම සිදු වූ අතර අසබඩ පිහිටීම අනුසාරයෙන් සටන එම නම් ලදුව ද, සමහර විටෙක "බ්‍රීඩ්ස් හිල් සටන" ලෙසින් ද හැඳින්වේ.
භූ විෂමතාවය :
අර්ධ ද්වීපයක පිහිටා තිබූ බොස්ටන්, එය වට කර තිබූ හා බ්‍රිතාන්‍ය යුධ නැව් විසින් අභිභවනය කර තුබූ ජල කඳ විසින් එය වෙත ලං වීමෙන් ආරක්ෂා කර තිබුණි.
බන්කර් හිල් සටන | ||||
---|---|---|---|---|
දිනය | ජූනි 17, 1775 | |||
ස්ථානය | 42°22′34.9″N 71°3′38.8″W | |||
ප්‍රතිඵලය | බ්‍රිතාන්‍ය පරාජය හා සම ජය | |||
භෞමික වෙනස්කම් | බ්‍රිතාන්‍යයන් විසින් චාල්ස්ටවුන් අර්ධද්වීපය අත්පත් කර ගැනීම |
රණපත්හු | |
---|---|
එක්සත් ජනපද | මහා බ්‍රිතාන්‍යය |
කනටිකට් / මැසචූසට්ස්නිව් / හැම්ප්ෂයර් / රෝඩ් අයිලන්ඩ් | ------------- |
ආඥාපතියන් | නායකයන් |
---|---|
ඊශ්රයෙල් පට්නම් | විලියම් හව් |
විලියම් ප්‍රෙස්කොට් | ශ්‍රීමත් රොබට් පිගොට් |
ජෝසප් වොරන් † | ජේම්ස් ඇබක්‍රොම්බි + |
ජෝන් ස්ටෝක් | ජෝන් පිට්කෙයාන් † |
(ආඥාපතිත්වයට අවනත නොවූ වොරන් තනි පුද්ගලයෙකු ලෙසින් සටන් වැදුනේය) | හෙන්රි ක්ලින්ටන් |
සැමුඑල් ග්‍රේව්ස් |
මූලාශ්‍ර :
1.0 1.1 ක්ලින්ටන්, පිටුව. 19. ජෙනරල් ක්ලින්ටන්ගේ කියමන වූයේ හෙරක්ලියා සටනෙන් පසුව එපරස් හී පිරස්ගේ මුල් ප්‍රකාශයෙහි පුනරාවර්තනයකි, "මෙවැනි තවත් එක් ජයග්‍රහණයකින් අභිප්‍රාය වැනසී යනු ඇත".
චිඩ්සි පිටුව. 122 පරිදී රාත්‍රි-සමයේ ආරක්ෂා සැලසීම් කටයුතු කුලදී 1,400 පමණ සෙබල පිරිසක් සිටියහ. සටන ඇවිලීමට මොහොතකට පෙර පැමිණි අමතර සෙබල සංඛ්‍යාව පිළිබඳ ෆ්‍රෝතින්හැම් එතරම් පැහැදිලි නැත. පිටුව. 136, මෙන්ම පිටුව. 190 හි දැක්වෙන අධෝසටහනක, නිවැරැදි ගණනයක් කිරීමේ අපහසුතාවය ගැන ඔහු විස්තාරණයෙහි යෙදෙයි.
චිඩ්සි පිටු. 90 පවසන්නේ ඉල්ලා සිටි මුල් බලකාය 1,550 ක් වුවද, සටන ඇරඹීමට පෙර හෝව් විසින් තවත් සෙබළ ප්‍රමාණයක් ඉල්ලා සිට එය ලබා ගත් බවයි. ෆ්‍රෝතින්හැම් පිටු. 137 පවසන පරිදී බ්‍රිතාන්‍ය බලකායට 3,000 ට වැඩි සංඛ්‍යාවක් අයත් වූහ. තවදුරටත් පිටුව 148 හී ෆ්‍රෝතින්හැම් පවසන්නේ, දෙවන ප්‍රහාරය මැඩ පැවැත්වූ පසුව අමතර බලකාය බොස්ටන් වෙතින් ලඟාවූ බවයි. ෆ්‍රෝතින්හැම්, පිටු. 191 සටහන් කරනුයේ බ්‍රිතාන්‍ය හමුදාවන්ගේ නිවැරැදි ගණනයක් සිදු කිරීමේ දුෂ්කරතාවයක් පැන නැගුණු බවයි.
චිඩ්සි, පිටු. 104
ෆ්‍රෝතින්හැම් පිටු. 191, 194.
18 වන සියවසෙහි බොස්ටන් අර්ධ ද්වීපයක් විය. ප්‍රාථමික වශයෙන් 19 වන සියවසෙහි, අර්ධ ද්වීපය අවට භූමිය බොහොමයක් ගොඩ කරන ලද අතර, නූතන නගරයට එහි වත්මන් භූ විෂමතාවය ලබා දුනි. වැඩි විස්තර සඳහා බොස්ටන්හී ඉතිහාසය බලන්න.
ස්තූතී,අතීත වංශකතා
Like එකක් දාලා යන්න අලුත් ලිපි ගැන දැනුවත් වෙන්න
අපගේ ෆේස්බුක් පිටුව මෙතනින් වංශකතා ෆේස්බුක්
Post a Comment Blogger Disqus
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.