GuidePedia

0

කොරතොට අංගම්පොර සම්ප්‍රදායේ විරුවන්






කොරතොට රජමහා විහාරය


ගම් බිම් පිණිස ඇවිදින් එක රාසියට
නම් ගම් කිය කියා උනුනුන් වේග කොට
අංගම් පොර අරින පෙර සෙබළුන් එවිට
අංගම් මැඩිල්ලෙන් එළ බසු වී සතුට

මින් වසර 30000කට එපිට මේ ලක් දෙරණේ ඉපිද තමන් උගත් සිංහල හටන් ශිල්‍පයේ ප්‍රභලත්වය විදහා පෑ කතරගම මහසෙන් නම් රණ ශූරයාගේ යක්ෂ පෙළපතින් ඇරඹෙන අංගම් සටන් පුරාවත පසුකාලීන මහා රාවන නම් රණ ශූරයා දියුණුවෙන් දියුණුවට පත් කරන ලදුව සිංහල ‍‍‍‍‍බෞද්ධ සමාජයට හිමිකර දීමේ මහා කර්තව්‍ය අරඹයි. පසුකාලීනව අංගං (හෝ අංගම්) නමින් හඳුන්වා ගන්නා මේ විශිෂ්ට සටන් සම්ප්‍රදාය සිංහල රාජාවලියේ රාජරාජ මහාමාත්‍යාදීන් අපූරුවට උගෙන ප්‍රගුන කරමින් රට ජාතිය ආගම රැකගනු වස් එය පරම්පරාවෙන් පරම්පරාවට ලබා දෙයි.

ඉංග්‍රීසීන්ගේ තහනම හා කලාවේ රහසිගතභාවය

1815දී උඩරට ගිවිසුමෙන් ඉංග්‍රීසීන්ට සිහලය අයත් වීමෙන් පසු අංගං ශිල්පයට උදා වන්නේ අසුබ කල දවසකි. ඉංග්‍රීසි පාලනය අංගං ශිල්පයට භාවිත කරන අවි ආයුධ සහ ශිල්පය පුහුණු කරවීමද තහනම් කරන අතර එසේ කළහොත් මරණිය ද්ණ්ඩනය පමුණුවන නියෝගද පනවයි. මේ මර්දනය හමුවේ අංගම් ශිල්පීන් රහසිගතවන අතර තමන් ශිල්පය පුහුණු වූ අංගං මඩු ඉංග්‍රීසීන් ගිණිබත් කළ නිසා අතිශය රහසිගතව වන ගතව තම පරම්පරා‍වට පමණක් ශිල්පය ලබා දීමට කටයුත කරයි. මෙලෙස ලක් දෙරණේ දීප්තිමත්ව බැබළුණු සිංහල දූ පුතුන් පෙළ ගැසී පුහුණු වූ මහා සටන් සම්පුදාය රහසිගත වෙයි.


සටන් පෙලපත

ශ්‍රී ලාකාවේ අතීතයේ අංගම්පොර සටන් පරම්පරා කිහිපයක් පැවති අතර මේ වන විට ඒවා බහෝ දුරට අභාවයට ගොස් ඇති බවද නොරහසකි. ඉතිහා‍සයේ පටන් අංගම් සටන් පරම්පරාව හැඳින්වූයේ කොරතොට ආරච්චි පරපුර ලෙස ය. අප සටන් කලාව කඩුවෙල කොරතොට ග්‍රාමය කේන්ද්‍ර කරගෙන ජීවත් වූ ප්‍රභල සටන් පරපුරකි. ග්‍රාම නාමය පවා නිර්මාණය වූයේ එලෙසිනි. රණකෙලියට ප්‍රකට වූ නිසා කෙලි තොට වී පසුව එය ජන වහරෙන් කොරතොට වී ඇත. කොරතොට කඳු ශිකරය අතීත රාවණ රජුගේ යුධ බලකොටුවක් ලෙසද පසු කාලීනය වලගම්භා රජුුගේ යුද පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ද පසුව ටිකිරි කුමරැගේ ප්‍රධාන අංගං සටන් මධ්‍යස්ථානය ලෙසට ද පැවත ඇත. මේ කරැණු එයි ලියැවී ඇති සෙල්ලිපි වලින් පවා සනාථ වේ. ටිකිරි කුමරුන් සමඟ මුල්ලේරියා මහා සංග්‍රාමයට එක්වී එය ජයග්‍රහනය කිරීමේ භා්‍ග්‍යය මේ පරම්පරාවට හිමි වේ. මේ පරම්පරාව අදටද ජීවත් වනුයේ සටන් විජයග්‍රහනය ලැබූ හේවාගම් කෝරලයේ නින්දගම් භූමියේ ය. ඒ සාක්ෂිද අදටත් ජීවමාන ය.


කොරතොට අංගම් මඩුව

 

දිවුරුම් මධ්‍යස්ථාන

  • කොරතොට රජමහා විහාරය
  • රන් කඩු පත්තිනි දේවලය
  • නවගමු පත්තිනි දේවාලය
  • කැළණි විහාරය
ආදියඅංගං ශිල්පීන්ගේ ප්‍රධාන දිවිරුම් මධ්‍යස්ථානයන් ය.


අංගං සටන් විරුවෝ

  • කොරතොට කරුප්පු ආරච්චි
  • කොරතොට සෝභිත හිමි
  • මුල්ලේගම සෙනෙවි
  • නවරත්න මැණිකේ
ආදීන්අංගං සටන් පරම්පරාවේ මුතුන් මිත්තන් ය.
අතීතයේ පටන් සටන් පුහුණු කළ කොරතොට ආරච්චිවරුන් 18 දෙනාගෙන් ප්‍රධාන වූ පරම්පරාව මහන්ත ආරච්චි පරම්පරාවයි. මේ පරම්පරාව විසින් අදට ද පුරාතන අංගම් මඩු තුළ අප නිර්මල ශාස්ත්‍රය පුහුණු කරමින් සිටියි.


 අංගං සටනට අයත් අංග
  • අංගං පොර
  • ඉලංගං සටන්
  • මායා අංගං
  • මන්ත්‍ර ශාස්ත්‍රය
  • රණ බෙර වාදනය
  • නිල වෙදකම
අංගම්පොර යන්න දැනට භාවිතයේ තිබුණද එය සැබෑ ලෙසම නම් අංගම්හරඹ ලෙස වෙනස් විය යුතුය. මන්ද අංගම්පොර හෝ අංගංපොර යනු අංගං කලාවේ ඇ‍ඟේ කොටස් භාවිතා කරගෙන පමණක් කරන සටන් ය. නමුත් ඉහත පරිදි මෙයට අමතරව කරුණු රාශියක් අංගං හරඹයට ඇතුළත් වේ.


ලේඛනගත පරම්පරා ඉතිහාසය

"රාජසිංහ රජ රණ කෙළි කෙල ජයගෙන කොරතොට ආරච්චිවරුන් ළඟට ගෙන්වා ත්න්න මාන්න දී හේවාකම් කර ජයගත් නිසා හේවාගම් කෝරලය යයි නම් තබා ඇත."

"කොරතොට ආරච්චිවරුන් ළඟට කැඳවා හේවායින් ගෙන්වා ඉලංගම්වල පලිහක්කාරයින් දහසකුත් දී පස්ස පොරොත්තුවට පැන කොටන්ඩ ඇරලා රාජසිංහ රජු පෙරමුණ ඉස්සර පාරෙන් ගොහින් මුල්ලේරියා වෙල මැද සිටිනා පුතිකාල් සේනාවට යුද්ධයට පැන්නාහ."



 

කොරතොට අංගංපොර සම්ප්‍රදායේ වර්තමාන භාරකාරත්වය දරන ගරු අජන්ත මහන්තාරච්චි ගුරුතුමා

 

 

Post a Comment Blogger Disqus

 
Top