GuidePedia

0


බ්‍රිතාන්‍ය ලංකාණ්ඩුකාරවරයා යනු, 1798 සහ 1948 අතරතුර කාලය තුලදී බ්‍රිතාන්‍ය යටත්විජිත කාලසීමාවෙහිදී, ලංකාව (වත්මන ශ්‍රී ලංකාව) පාලනය කල නිලධාරියෙකි. ආණ්ඩුකාරවරයා මගින් එක්සත් රාජධානි රජ නියෝජනය කෙරිනි. බ්‍රිතාන්‍ය පාලනය අවසන්ව 1948දී ස්වෛරීය ලංකා රාජධානිය නැවත පිහිටුවීමේදී මෙම නිලය අහොසි කෙරිනි.

ආණ්ඩුකාරවරයා

(අග්‍රාමාත්‍යයවරයාගේ උපදෙස් මත) බ්‍රිතාන්‍ය රාජකීයයා විසින් පත්කරන ලද ආණ්ඩුකාරවරයා, බ්‍රිතාන්‍ය පාලනය පුරාවටම ලංකාව තුල විධායක බලය දැරීය. හේ, විධායක මණ්ත්‍රණසභාවෙහි හා ලංකාවෙහි පූර්ව-ස්වාධිනත්ව රජයෙහි ප්‍රධානියා විය.


ආණ්ඩුකාරවරයා, ලංකාවෙහි සිටි බලවත්ම නිලධාරියා වූ අතර, දෙවන ලෝක යුද්ධය කාලයේදී පමණක්, ආණ්ඩුකාරවරයා ඉක්මවන බලයක් සහිතව, ලංකාවෙහි ආඥාධිපති ලෙසින්, අද්මිරාල් ශ්‍රීමත් ජෙෆ්රි ලේටන් පත් කරන ලදි. ආණ්ඩුකාරවරයා නිලබලයෙන් ලංකා විශ්වවිද්‍යාල‍යයෙහි කුලපති විය.


ආණ්ඩුකාරවරුන්ගේ ලැයිස්තුව (1798-1948)

බ්‍රිතාන්‍ය හමුදාව දිවයිනට ගොඩබට 1796 සිට, පළමු ලංකාණ්ඩුකාරයා පත් කල 1798 දක්වා කාලය තුල, ලංකාව පාලනය කරන ලද්දේ මදුරාසියෙහි ආණ්ඩුකාරවරයා විසිනි.


    ෆ්‍රෙඩ්රික් නෝර්ත්, 12 ඔක්තෝබර් 1798-19 ජුලි 1805

    ශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් 19 ජූලි 1805-19 මාර්තු 1811

    රොබට් බ්‍රවුන්රිග්, 11 මාර්තු 1812-1 පෙබරවාරි 1820

    එඩ්වඩ් පැජට්, 2 පෙබරවාරි 1822-6 නොවැම්බර් 1822

    එඩ්වඩ් බාන්ස් , 18 ජනවාරි 1824-13 ඔක්තෝබර් 1831

    රොබට් ජෝන් විල්මට්-හෝර්ටන්, 23 ඔක්තෝබර් 1831-7 නොවැම්බර් 1837

    ජේම්ස් ඇලෙක්සැන්ඩර් ස්ටුවට්-මැකෙන්සි, 7 නොවැම්බර් 1837-15 අප්‍රේල් 1841

    ශ්‍රීමත් කොලින් කැම්බල්, 15 අප්‍රේල් 1841-19 අප්‍රේල් 1847

    ටොරින්ටන් සාමිවරයා, 29 මැයි 1847-18 ඔක්තෝබර් 1850

    ශ්‍රීමත් ජෝර්ජ් විලියම් ඇන්ඩර්සන්, 27 නොවැම්බර් 1850-18 ජනවාරි 1855

    හෙන්රි ජෝර්ජ් වෝඩ්, 11 මැයි 1855-30 ජූනි 1860

    චාල්ස් ජස්ටින් මැකාර්ති, 22 ඔක්තෝබර් 1860-1 දෙසැම්බර් 1863

    ශ්‍රීමත් හර්කියුලස් රොබින්සන්, 21 මාර්තු 1865-4 ජනවාරි 1872, 16 මැයි 1865 දක්වා වැඩ බලන

    විලියම් හෙන්රි ග්‍රෙගරි, 4 මාර්තු 1872-4 සැප්තැම්බර් 1877

    ශ්‍රීමත් ජේම්ස් රොබට් ලොංග්ඩන්, 4 සැප්තැම්බර් 1877-10 ජූලි 1883

    ශ්‍රීමත් ආතර් හැමිල්ටන්-ගෝර්ඩන්, 3 දෙසැම්බර් 1883-28 මැයි 1890

    ආතර් එලිබෑන්ක් හැව්ලොක්, 28 මැයි 1890-24 ඔක්තෝබර් 1895

    ජෝසප් වෙස්ට් රිජ්වේ, 10 පෙබරවාරි 1896-19 නොවැම්බර් 1903

    ශ්‍රීමත් හෙන්රි ආතර් බ්ලේක්, 3 දෙසැම්බර් 1903-11 ජූලි 1907

    ශ්‍රීමත් හෙන්රි එඩ්වඩ් මැකලම්, 24 අගෝස්තු 1907-24 ජනවාරි 1913

    රොබට් චාර්මස්, 18 ඔක්තෝබර් 1913-4 දෙසැම්බර් 1915

    ශ්‍රීමත් ජෝන් ඇන්ඩර්සන් , 15 අප්‍රේල් 1916-24 මාර්තු 1918

    ශ්‍රීමත් විලියම් හෙන්රි මැනිං, 10 සැප්තැම්බර් 1918-1 අප්‍රේල් 1925

    ශ්‍රීමත් හියු ක්ලිෆර්ඩ්, 30 නොවැම්බර් 1925-1927

    ශ්‍රීමත් හර්බර්ට් ස්ටැන්ලි, 20 අගෝස්තු 1928-11 පෙබරවාරි 1931

    ශ්‍රීමත් ග්‍රෑම් තොම්ප්සන්, 11 අප්‍රේල් 1931-20 සැප්තැම්බර් 1933

    ශ්‍රීමත් රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස්, 23 දෙසැම්බර් 1933-30 ජූනි 1937

    ශ්‍රීමත් ඇන්ඩෘෘ කැල්ඩිකොට්, 16 ඔක්තෝබර් 1937-19 සැප්තැම්බර් 1944

    ශ්‍රීමත් හෙන්රි මොන්ක්-මේසන් මුවර්, 19 සැප්තැම්බර් 1944-4 පෙබරවාරි 1948


වැඩබලන ආණ්ඩුකාරවරුන්



    ජෝන් විල්සන්, 19 මාර්තු 1811-11 මාර්තු 1812, පළමුවරට වැඩ බැලීම

    එඩ්වඩ් බාන්ස්, 1 පෙබරවාරි 1820-2 පෙබරවාරි 1822

    ජේම්ස් කැම්බල්, 6 නොවැම්බර් 1822-18 ජනවාරි 1824

    ජෝන් විල්සන්, 13 ඔක්තෝබර් 1831-23 ඔක්තෝබර් 1831, දෙවනවරට වැඩබැලීම

    ජේම්ස් එමර්සන් ටෙනන්ට්, 19 අප්‍රේල් 1847-29 මැයි 1847

    චාල්ස් ජස්ටින් මැකාර්ති, 18 ඔක්තෝබර් 1850-27 නොවැම්බර් 1850, පළමුවරට වැඩබැලීම

    චාල්ස් ජස්ටින් මැකාර්ති, 18 ජනවාරි 1855-11 මැයි 1855, දෙවන වරට

    හෙන්රි ෆ්‍රෙඩ්රික් ලොකියර්, 30 ජූනි 1860-30 ජූලි 1860

    චාල්ස් එඩ්මන්ඩ් විල්කින්සන්, 30 ජූලි 1860-22 ඔක්තෝබර් 1860

    ටෙරන්ස් ඕබ්‍රයන්, 1 දෙසැම්බර් 1863-21 මාර්තු 1865

    ශ්‍රීමත් හර්කියුලස් රොබින්සන්, 21 මාර්තු 1865-4 ජනවාරි 1872, 16 මැයි 1865 දක්වා වැඩබැලීම

    හෙන්රි ටර්නර් අර්වින්, 4 ජනවාරි 1872-4 මාර්තු 1872

    ජෝන් ඩග්ලස්, 10 ජූලි 1883-3 දෙසැම්බර් 1883

    එඩ්වඩ් නොයෙල් වෝකර්, 24 ඔක්තෝබර් 1895-10 පෙබරවාරි 1896

    එවරඩ් එෆ්. ඉම් තර්න්, 19 නොවැම්බර් 1903-3 දෙසැම්බර් 1903

    හියු ක්ලිෆර්ඩ්, 11 ජූලි 1907-24 අගෝස්තු 1907

    රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස්, 24 ජනවාරි 1913-18 ඔක්තෝබර් 1913, පළමුවරට වැඩබැලීම

    රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස්, 4 දෙසැම්බර් 1915-15 අප්‍රේල් 1916, දෙවනවරට වැඩබැලීම

    රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස්, 24 මාර්තු 1918-10 සැප්තැම්බර් 1918, තෙවනවරට වැඩබැලීම

    සිසිල් ක්ලෙමන්ටි, 1 අප්‍රේල් 1925-18 ඔක්තෝබර් 1925

    එඩ්වඩ් බෘෘස් ඇලෙක්සැන්ඩර්, 18 ඔක්තෝබර් 1925-30 නොවැම්බර් 1925

    බර්නාඩ් හෙන්රි බෝර්ඩිලන්, 11 පෙබරවාරි 1931-11 අප්‍රේල් 1931

    ෆ්‍රැන්සිස් ග්‍රෑම් ටිරල්, 20 සැප්තැම්බර් 1933-23 දෙසැම්බර් 1933

    මැක්ස්වල් මැක්ලැගන් වෙඩර්බර්න්, 30 ජූනි 1937-16 ඔක්තෝබර් 1937

Post a Comment Blogger Disqus

 
Top