GuidePedia

0
ක්‍රිස්තු වර්ෂ 1270 දි දෙවන පරාක්‍රමබාහු රජතුමාගෙ මරණයෙන් පසු දඹදෙනිය අග නගරය කරගෙන රාජ්‍යත්වයට පත් වුනේ ඔහුගේ වැඩිමහළු පුත් විජයබාහු කුමාරයා ය. හතරවන විජයබාහු නමින් ප්‍රකට වූ මෙතුමා බෝසත් විජයබාහු නමින් ද හැඳින්වින.
එහෙත් මෙම රජතුමාට බලයේ සිටිය හැකි වුනේ දෙවසරක් පමණි. මිත්ත නම් සෙන්පතියෙක් ක්‍රිස්තු වර්ෂ 1272 දී රජ ගෙදර මෙහෙකරුවෙකුට අල්ලස් දී රජු මරා දමා තෙමේ රජ විය. මිත්ත සෙන්පතියාට සිහසුනට උරුමයක් නොවූ අතර වැටුප් ප්‍රසාද දී හමුදාපතීන් පක්ෂ කරවාගෙන තමන්ට තර්ජනයක් විය හැකි බෝසත් විජයබාහු රජුගේ සොයුරු බුවනෙකබාහු ආදිපාදයන් මැරවීමට චරපුරුෂයන් යෙදවීය.
මෙකල රාජ සේවයේ සිටි විදේශීය හමුදාංකයේ සිටි ආර්ය භටයන් මිත්තට අවනත නොවුණු අතර ඔවුන්ගේ නායක ඨකුරක සෙන්පතියා මිත්තව මරා දමා තමා එය සිදුකලේ සිහසුනට උරුමකම් කියන බුවනෙකබාහු ආදිපාදගේ උපදෙස් පරිදි බව සිංහල සෙන්පතියන්ට පැහැදිලි කර ඔවුන්ද පක්ෂ කොටගෙන බුවනෙකබාහු ආදිපාදයන් කැඳවා රජ කරවීය. බුවනෙකබාහු කුමරා පළමු බුවනෙකබාහු රජ නමින් දඹදෙනිය අග නගරය කරගෙන රජ විය. ඒත් ටික කලෙකින් පළමු බුවනෙකබාහු රජතුමා තම අග නගරය වශයෙන් යාපහුව තෝරා ගත්තේය.

Post a Comment Blogger Disqus

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top