GuidePedia

0
බෝසත් විජයබාහු හෙවත් හතරවන විජයබාහු රජතුමාගෙන් පසු ක්‍රිස්තු වර්ෂ 1272 දී රාජ්‍යත්වයට පත් වූයේ පළමුවන බුවනෙකබාහු රජු ය. එතුමා ටික කලෙකින් යාපහුව බලකොටුවට ගොස් එහි සිට රාජ්‍ය කටයුතු මෙහෙයවීය.
බෝසත් විජයබාහු රජුට පක්ෂපාතී ව සිටි වන්නි නායකයින් ද උතුරේ පෙළ ගැසෙමින් සිටි නායාකයින් ද මේ රජුට පැවති අභියෝගයින් විය. වාර්ෂික උපසම්පදා උත්සව ආදිය පැවැත්වූ මේ රජතුමා ක්‍රිස්තු වර්ෂ 1284 දී මිය ගියේය.
මෙකල කුලසේකර නම් පාණ්ඩ්‍ය රජුගේ ආර්ය චක්‍රවර්ති නම් ඇමති විශාල හමුදාවක් රැගෙන විත් යාපහුව වටලා දළදා වහන්සේ රැගෙන ගිය බව මහා වංශය නම් ග්‍රන්ථයේ දෙවන කොටසේ සඳහන් වේ.
පළමු බුවනෙකබාහු රජුගේ මරණයෙන් පසු ඇති වූ තෙවසරක අරාජික කාලයට පසු රාජ්‍යත්වයට පත් වූයේ තුන්වන පරාක්‍රමබාහු රජතුමා ය.

Post a Comment Blogger Disqus

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top