හැඳින්වීම
දෙවන පරාක්‍රමබාහු යනු කලින් සිටි තුන්වන විජයබහු ර්ජුගේ ලොකු පුතා ය.මායා රටේ රජු ලෙස මේ රජුගේ රාජ්‍ය කාලය ක්‍රිස්තු වර්ෂ 1236 සිට 1270 වන තෙක් ය. දෙවන පරාක්‍රමබාහු රජතුමා බෙලිගල තිබූ දාන්ත ධාතූන් වහන්සේ දඹදෙනිය ට වැඩම කර අති උත්කර්ෂවත් දළදා පූජාවක් පවත්වා මාඝ ගෙන් රට මුදවා ගන්නා බවට මහජනතාව ඉදිරියේ ප්‍රතිඥාවක් ද දුන්නේය. භාසා ශාස්ත්‍ර, ආගම් ධර්මය ආදී විසයයන් පිළිබඳ මනා නිපුනතාවයක් තිබූ නිසා මහා පඬි රුවනක් වූ දෙවන පරාක්‍රමබාහු රජ "කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත" යන උපාධි නාමයෙන් ද පිදුම් ලැබීය.
යුද්ධ
දෙවන් පරාක්‍රමබාහු රජතුමාට ආක්‍රමණකාරී සටන් 3කට මුහුණ දීමට සිදු විය. ඒවා නම් මාඝ රජු සමඟ පැවති යුද්ධය, චන්ද්‍රභානු රජුගේ පළමු ආක්‍රමණය හා චන්ද්‍රභානු රජුගේ දෙවන අක්‍රමණයයි.චන්ද්‍රභානු රජුගේ පළමු ආක්‍රමණය දෙවන පරාක්‍රමබාහු රජුගේ එකොළොස්වන රාජ්‍ය වර්ෂයේදී, එනම් ක්‍රිස්තු වර්ෂ 1247 දී සිදු විය. චන්ද්‍රභානු රජු මලය අර්ධ ද්වීපයේ තාම්‍රලිංග දේශයෙන් පැමිණි බව සඳහන් වේ. පරාක්‍රමබාහු රජුගේ බෑනා වූ වීරබාහු කුමරු මෙම සටනේ මූලිකත්වය ගෙන තිබේ. සටනින් පරාජයට පත් වූ චන්ද්‍රභානු පලා ගියේය.
මාඝගේ පාලනයෙන් රජරට මුදවා ගැනීම මේ රජුගේ ඊළඟ ප්‍රයත්නය විය. මේ සඳහා දකුණු ඉන්දීය පාණ්ඩ්‍ය අධිරාජයාගේ උදව් ලබා ගෙන ඇත. පාණ්ඩ්‍ය හමුදාවත් පරාක්‍රමබාහු රජුගේ හමුදාවත් නැගෙනහිරින් හා බටහිරින් පොළොන්නරුව වට කොට ක්‍රිස්තු වර්ෂ 1255 දී මාඝ පරාජය කර්න ලදී.
මේ රජ දවාස එල්ල වූ මීළඟ ආක්‍රමණය වූයේ පළමුව පරාජයට පත් වූ ජාවක චන්ද්‍රභානු නැවතත් ලංකාව ආක්‍රමණය කිරීමයි. පාණ්ඩ්‍ය අධිරාජයාගෙන් උදව් ලබා ගත් දෙවන පරාක්‍රමබාහු රජු ක්‍රිස්තු වර්ෂ 1261 දී චන්ද්‍රභානු ජීවිතක්ෂයට පත් කළේය. මෙයට හිලව් වශයෙන් පාණ්ඩ්‍ය අධිරාජයා ජාවක රජුගේ පුතකු උතුරු ලංකාවේ නියෝජිතයා වශයෙන් පත් කළ බව සෙල් ලිපිවල සඳහන් වේ.
Post a Comment Blogger Disqus