වෙනසකට උත්ප්‍රේරකයක් වූ නමුදු මාඝ යනු ශ්‍රී ලංකා ඉතිහාසයෙහි විවාදයට බඳුන් වූ සුවිශේෂී පාලකයෙකි. ඒ වන විට දිවයිනේ පාලන බලයේ හදවත බඳුව තිබූ රජරට රාජධානියට මාඝගේ ආක්‍රමණය විශාල විනාශයක් කළේය. පුරාණ රජදරුවන් විසින් නිර්මාණය කරන ලද මහා නගර වනයට බිලි විය. ඒවා පසුව සොයා ගන්නා ලද්දේ 19 වෙනි ශත වර්ෂයේදීය. දේශීය පාලන බලය ඉන් පසු දකුණට සහ ලංකාවේ මධ්‍යම පළාත්වලට මාරු වූයේ කැලිඩොස්කෝපයක දර්ශන මාරුවන පරිද්දෙනි. උතුරු ප්‍රදේශය අන්තිමට යාපනය රාජධානිය ලෙස විකාශනය වුවද 1619 දී පෘතුග්‍රීසීන් විසින් එය යටත් කරගන්නා ලදී.
පුරාණයේ සිට ශ්‍රී ලංකාව බෙදී තිබුණේ රජරට, දක්ඛිණ දේශය සහ රුහුණ වශයෙනි. පළමුවෙන් ඒවා වෙනස් වූයේ රජරට - පතිතදේශ වශයෙන්ද දක්ඛිණ දේශය - මායා රටද වශයෙනි. එහෙත් පසුව එක විටම වාගේ මෙම භාවිතාවන් නතර වී ඒ නම් යල් පිනූ ඒවා බවට පත් විය. ඉන් පසු එම ප්‍රදේශවල බිහි වූ රාජධානි භූගෝලීය වශයෙන් කුඩා වූ අතර යාපහුව - ගම්පොල වැනි ආරක්ෂිත බලකොටු නගර කේන්ද්‍ර කොට ගත්තේය. ඒවා "සීතාවක" රාජ්‍යය මෙන්ම කෙටි කාලයකට පමණක් සීමා විය.
මාඝගේ ආක්රමණයේ අමිහිරි මතක සටහන් නිසා සිංහලයින් සහ දකුණු ඉන්දීය චෝල, කේරළ සහ පාන්ඩ්‍යයන් අතර කලින් තිබූ කිට්ටු සම්බන්ධතාවයන් පලුදු විය. පෘථුල ලෙස ඉන්දියාවේ සහ ලංකාවේ ශාඛාවන් අතර ඇති වූ විවාහ සම්බන්ධතා සමග රජරට උසස් පවුල් නොවරදවාම රාජකීය සම්බන්ධයක් සහිත වූ නිසා මධ්‍ය කාලීන රාජ්‍ය පවුල් වර්තමානයේ භාවිතා වන අර්ථයෙන්ම විශිෂ්ට සිංහලයෝ වූහ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා දේශපාලනයේ දකුණු ඉන්දීය බලපෑම නැති වී ගිය බවක් එයින් අදහස් නොකෙරේ. නුවර නායක්කර් රජ පරපුර ඊට සාක්ෂි වේ. කෙසේ වෙතත් මෞර්ය සහ ලම්බකර්ණ වැනි ඉන්දු ලංකා ශ්‍රේෂ්ඨ වංශවල යුගය එයින් අවසාන විය.
මාඝගේ ආක්‍රමණයට පෙර සිටම ශ්‍රී ලංකාවේ දේශීය පාලන බලය ක්‍රමයෙන් පිරිහෙමින් තිබුණි. එකී ආක්‍රමණයෙන් පසුවද ශත වර්ෂ 3 ක පමණ කාලයක් රට අරාජිකව මෙන් පැවැතුණේය. ශ්‍රී ලංකාවේ මෙම ඓතිහාසික යුගය අවසන් වන්නේ සතුරෙකුගේ පැමණීමත් සමගය. එම සතුරා පසුව දකුණු ඉන්දියාවේ මහා අධිරාජ්‍යය ද ලංකාවේ තිබුණු රාජ්‍යයන් ද තම අණසකට යටත් කර ගත්තේය. ඒ සතුරා අන් කවරෙකුවත් නොව යුරෝපීය අධිරාජ්‍යවාදීන්ය.
Post a Comment Blogger Disqus
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.