GuidePedia

0
පළමුවන විජයබාහු ( I වන විජයබාහු / මහා විජයබාහු ) ක්‍රි.ව. 1055 සිට 1110 දක්වා පොළොන්නරුව අග නගරය කර රාජ්‍ය කර වු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. රාජ්‍ය ලේ උරුමය ඇතිව එතුමා උපන්නේය, එකල ශ්‍රී ලංකාවේ කොටසක් ආක්‍රමණික ඉන්දියාවෙහි චෝල අධිරාජ්‍යයයන් විසින් පාලනය කරන ලදි. 1055 දි රුහුණ හෙවත් දක්කිණදේශයේ පාලනය බාර ගත් එතුමා පසුව වසර 17 ක දිගු සටන් මෙහෙයුමකින් පසු 1070 දි චෝල ආක්‍රමණිකයන් සම්පුර්ණයෙන්ම ශ්‍රී ලංකාවේන් එලවා දැමිමට සමත් විය. සියවසකට පසු ශ්‍රී ලංකාව නැවත එක්සත් කිරිමට එමගින් එතුමාට හැකිවිය. එතුමාගේ පාලන කාලය තුල බුද්ධ ධර්මය නැවත පිහිටුවිමටත් යුද්ධය නිසා විනාශ වු යටිතල පහසුකම්, වෙහෙර විහාර, ගොඩනැගිලි ආදිය අළුත් වැඩියා කිරිමටත් කටයුතු කරන ලදි.


මුල් කාලීන ජිවිතය

විජයබාහු , කිත්ති ( කීති ) යන නාමයෙන් ක්‍රි.ව. 1039 දි දක්කිණදේශයේ රුහුණු රාජධානියේ උපත ලැබීය. එතුමා රුහුණු පාලකයා වු මොග්ගල්ලාන රජු හා ලෝඛිත බිසවගේ පුතණුවන්ය. එකල ශ්‍රී ලංකාව දකුණු ඉන්දීය චෝල ආක්‍රමණිකයන්ගේ ග්‍රාහණයට නතු වුවත් රුහුණ සිංහල රජවරුන් විසින් චෝල පාලකයන්ට එරෙහිව බලපෑම් කරමින් පාලනය ගෙන යන ලදි. එතුමාට වයස 15 දි රුහුණේ රාජ්‍යයත්වයට පත්විමේ අරමුණ ඇතිව ආක්‍රමණිකයන්ගේ ප්‍රධානියෙකු වු ලෝකිස්සර පරාජය කරන ලදි. පසුව ක්‍රි.ව. 1055 දි විජයබාහු නමින් රුහුණේ රාජ්‍යයත්වයට පත්විය. චෝල හමුදාවන් විජයබාහු රජුගේ හමුදාවන්ට එරෙහිව නිතර නිතර ප්‍රහාර එල්ල කලත් ඒවා මැඩපවත්වා, ක්‍රි.ව. 1058 දි රුහුණ සම්පුර්ණයෙන්ම දකුණු ඉන්දීය චෝල ආක්‍රමණිකයන්ගෙන් නිදහස් කර, සම්පුර්ණ රුහුණු පාලනය එතුමාගේ යටතට ගැනිමට සමත් විය.

Post a Comment Blogger Disqus

 
Top