ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ ( වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ ) රජු සිංහල රාජ වංශයේ අන්තිම සිංහල රජුයි. එතුමා ක්‍රි.ව.1707 සිට 1739 දක්වා මහනුවර රාජධානියේ රාජ්‍යත්වයට පත් විය. එතුමා II වන විමලධර්මසූරිය රජුගේ පුත්‍රයායි. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු වයස 17 දි සිහසුනට පත් වූ අතර වසර 32 රාජ්‍යය පාලනය කලේය. එතුමා උගත් මෙන්ම ශ්‍රද්ධාවන්ත රජ කෙනෙකු ලෙස සළකනු ලැබුවේය. පෙර රාජ්‍යත්වය දැරූවන් මෙන් එතුමාද ලන්දේසි ආක්‍රමණිකයන් සමග සමාදානයෙන් කටයුතු කලේය. එමෙන්ම එතුමා සාහිත්‍ය හා ආගමික චිරස්ථිතිය උදෙසා මහඟු කැපවිමක් කලේය . එතුමාගේ බිසව දකුණු ඉන්දියාවේ මදුරෙයි නගරයේ නායක්කර් රාජකීය පවුලේ කුමාරිකාවක් විය. රජුට සිහසුනට පත් කිරිම සදහා දරුවෙකු ලැබුණේ නැත. එම නිසා රජු ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස තම පළමු බිසවගේ සහෝදරයා නම් කළේය. ( ශ්‍රී විජයරාජසිංහ රජ ) , එමගින් සිංහලේ රාජාවලිය අවසන් වන තුරු සිංහල සිහසුන නායක්කර් වංශිකයන් අතට පත් විය.
Subscribe to:
Post Comments (Atom)
Post a Comment Blogger Disqus