GuidePedia

0
ශ්‍රී ලංකාවේ ජයවර්ධනපුර කෝට්ටේ අගනගරය වශයෙන් ගනිමින් රාජ්‍ය පාලනය සිදු වූ සමය කෝට්ටේ යුගය වශයෙන් හැඳින්වේ. ක්‍රිස්තු වර්ෂ 1415 දී මුළු දිවයින ම එක් සේසත් කරමින් කෝට්ටේ දී ඔටුනු පැළඳි සවැනි පැරකුම්බා රජුගෙන් මේ යුගය ආරම්භ වූ සේ සැලකේ.

කෝට්ටේ යුගයෙහි රජවරු

පස්වන බුවනෙකබාහු රජ
හයවන පරාක්‍රමබාහු රජ (ක්‍රි. ව. 1412 - 1467)
දෙවන ජයබාහු රජ (ක්‍රි. ව. 1467 - 1469)
හයවන බුවනෙකබාහු රජ (ක්‍රි. ව. 1469 - 1480)
හත්වන පරාක්‍රමබාහු රජ (ක්‍රි. ව. 1480 - 1484)
අටවන පරාක්‍රමබාහු රජ (ක්‍රි. ව. 1484 - 1489)

කෝට්ටේ යුගයෙහි බිහි වූ සාහිත්‍ය කෘති

පරෙවි සන්දේශය
ගිරා සන්දේශය
සැළලිහිණි සන්දේශය
හංස සන්දේශය
ගුත්තිල කාව්‍යය
කාව්‍යශේඛරය
බුදුගුණාලංකාරය
ලෝ වැඩ සඟරාව
පැරකුම්බා සිරිත
සද්ධර්ම රත්නාකරය
සුළු බෝධිවංශය


කෝට්ටේ යුගය ගැන තවත් මත

* සැළලිහිණියේ සඳහන් ඉසුරු දේවාලය ඇත්තේ බත්තරමුල්ලත් කොස්වත්තත් අතර පිහිටි ක්‍රිස්තු දේවස්ථානයකය. - 1 පරිච්ඡේදය කෝට්ටේ කළාලේ - හිස්ස අබේසේකර ශූරීන් ගේ අයාලේ ගිය සිතක සටහන් කෘතියෙන්

*
කෝට්ටේ අලකේශ්වර පාරේ මඳ දුරක් යද්දී කුමාර අලකේශ්වර මාලිගාවේ නටබුන් හමු වේ. - 1 පරිච්ඡේදය කෝට්ටේ කළාලේ - හිස්ස අබේසේකර ශූරීන් ගේ අයාලේ ගිය සිතක සටහන් කෘතියෙන්

*
"පරංගියා කෝට්ටේ ගියා වගෙයි" යන පිරුළෙන් කියවෙන අදහස සාවද්‍ය බවත් පරංගියා එසේ දුර පාරකින් රජ වාසළට කැඳවාගෙන ගියේ එකළ තිබූ ප්‍රධාන මාර්ගය එය නිසා බවත් අළුත් මතයක් සේ ඉදිරිපත් වී ඇත. - 7 පරිච්ඡේදය කෝට්ටේ කළාලේ - හිස්ස අබේසේකර ශූරීන් ගේ අයාලේ ගිය සිතක සටහන් කෘතියෙන්

 


 


 

Post a Comment Blogger Disqus

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top