සත්වන විජයබාහු රජු හට ඔහුගේ පළමු විවාහයෙන් පුතුන් තිදෙනෙකු වූ අතර ඔවුහූ බුවනෙකබාහු (පසුව කෝට්ටේ සත්වන බුවනෙකබාහු ), පරරාජසිංහ (පසුව රයිගම් බණ්ඩාර) සහ මායාදුන්නේ (පසුව සීතාවක මායාදුන්නේ) නම් වූහ. රජු දෙවන වරට විවාපත් වූ කිරිවැල්ලේ බිසව හට, ඇයගේ පළමු විවාහයෙන් දේවරාජා නම් පුතකු විය. ඔහුගේ දෙවන බිසවගේ ඉල්ලීම ප්‍රකාර, ඔටුන්න හිමි කුමරු බවට දේවරාජා නම් කෙරුමට පිය රජු විසින් තීරණය කර ඇති බව දැනගත් කුමරුවන් රජුට එදිරි වූහ. කුලියට ගත් විදේශිකයෙකු ලවා රජු මාලිගාව තුලදීම ඝාතනය කරවන ලදි. මෙම සිදුවීම හැඳින්වෙන්නේ විජයබා කොල්ලය යනුවෙනි.
1521 දී සිදුවූ විජයබා කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන්, කෝට්ටේ රාජධානිය තුන් කොටසකට බෙදිණි. කුමරුවන් තිදෙනා අතුරින් මායාදුන්නේ බාලයා වුවද සම්පූර්ණ සිද්ධියේ නියමුවා වූයේ මොහුය. කෝට්ටේ රජු බවට පත් වීමට මායාදුන්නේ සිහින මැවූ අතර සත්වන බුවනෙකබාහු මුල සිටම මොහු ගැන සැක කරමින් පෘතුගීසින්ගේ උදව් පැතීය. එබැවින් මෙම සිද්ධිය නිසාවෙන් අභ්‍යන්තර ආරාවුල් සහ ශ්‍රී ලාංකික රාජධානියන්හී කටයුතු වලට අත පෙවීමට පෘතුගීසින්ට ඉඩ සැලසුණි.
Post a Comment Blogger Disqus
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.