GuidePedia

1

සිංහ‍ලේ ‍‍ශ්‍රේෂ්ඨතම නරපතියෙක් වූ පළමුවැනි විජයබාවන්විසින් (1055-1110) තමන්ට උදව් උපකාර කළ සිත්තරු බිමි බූදල්නාමනමි දණ්ඩ නායකයාට ප්‍රදානය කරන ලද්දා වූ පනාකඩුව තඹ සන්නස මඟින් රාජකීය වරප්‍රසාදපිළිබඳව කියවෙයි
‍ඓතිහාසිකමය අගයෙන් යුතු වූ පනාකඩුව තඹ සන්නස මෙරටදී හමු වු පැරනිතම තඹ සන්නස ද වෙයි
මොරවක් කෝරලය ඉතිහාසය පුරා සිදුවූ විවිධ සිදුවීමිවල දී වැදගත්විය පනාකඩුව යනඅද එහි පිහිටි සුන්දර ගැමි පරිසරයකි 1948 දී පෙබරවාරි මාසයේ දී සිය බෝගහදෙණිය නැමති කුඹුරෙහි වැඩකරමින් සිටි සුරවීර ගමගේ කරෝලිස් අප්පුහාමි නැමති ‍ගොවියෙකුට මෙම මහාර්ඝ වස්තුව හමුවී ඇත
පුරාවිද්‍යා චක්‍රවර්තී කඹුරුපිටියේ වනරතන නාහිමියෝ මෙම තඔ සන්නසෙහි අප්‍රමාන වටිනාකම ලොවට හෙලික‍ලේසිංහල ඉතිහාසයේ බොහෝ සිදුවිමි සත්‍ය බව ප්‍රකට කරවමින් මෙන්ම ඊට තවත් පරිචිඡේදයක් ද එක්කරමිනි
පනාකඩුවෙන් සොයාගන්නාලද මෙම තඔ සන්නසට පෙර ඉතිහාසඥයින් විස්වාස කලේ පැරනිතම තඹ සන්නස නිශ්ශංක මල්ල රාජසමයට අයත් බවකි එ‍හෙත්ඊට පෙරද තඹ සන්නස් ලියූ බව මෙමලින් තහවුරුවෙ
දිගින් අඩියකුත් අඟල් එකහමාරක් ද පලලින් අඟල් තුනක්ද වෙයි අඟලකින් අටෙන් එකක් පමන ගණකමක් ඇත පනාකඩුව තඹ සන්නස රාත්තල් දෙකකුත් අවුන්ස දෙකහමාරක් බරය
පනාකඩුව තඹ සන්නසෙහි පත්‍ර තුනක් වෙයි එක්පත්‍රයක පේලි හතපැලින් ඇත ඒඅනුව අක්‍ෂර පේලි විසිඅටක් එහි වෙයි පළමු සහ තෙවැනි පත්‍ර දෙකෙහි ඇතුල් පැත්තේද දෙවැනි පේලියේ ‍දෙපැත්තේ මද වශයෙන් නම අන්ෂර සටයන් ‍කොට තිබෙි කෙලවර හිල් දෙකක්ද විද ඇත එය නූලකින්බැඳ පුස්කොල පොතක් ලෙස පරිත්‍යාග කොට ඇති බව එමගින් සිතීමට හැක
රුහුනේසිටි බල සමිපන්න ජන ප්‍රධානි‍යෙකු ලෙස බුද්ධරාජ හෙවත් සින්නරුබිමි බුදල්නාවන්ඉතිහාසයට එක්ව සිටී අනුරාධපුර රාජධානිය බිඳදමමින් චෝල ආක්‍රමනික රජ උරුමක්කාර‍යින් සමූල ඝාතනය කරද්දී පනරැකගනිමින් කීර්ති කුමාරයා ඇතුලු ‍රජ පවුල ‍රෝහනයට පැමිනෙයි කීර්ති කුමරුගේ පියා වන මුගලන් රාජ්‍ය උරුමක්කාරයෙක් විය රහසේ රුහුනු මොරවක්කෝරලයට පලාගිය ඔවුහු රැකබලාගත්තේ සින්නරුබිම් බුදල්නාවන් විසිනි
කෑමට ගතහැකි කොල වර්ග පලවැල ගෙනත් දෙමින් බුදල්නාවන් විසින් මෙම රජ පවුල රැක බලාගත්බව පනාකඩුව සන්නස මගින් නොසඟවා පවසා ඇත
මහ විජයබා නමින් රජ පැමිනි කීර්ති නුමාරයාට එම ගමන ‍යාමට අවශ්‍ය සේනා සංවිදාන කටයුතු සිදු කරමින් කටයුතු කර තිබෙන්නේ බුදල්නාවන් විසින්ය මහවිජයබාවන් විසින් තමන් ඇතුලු රජ පවුලට කරනලද එම අප්‍රමාන සැලකිල්ල වෙනුවෙන් කළගුණ දැක්වීම පිණිස රාජකීය ප්‍රදානයන් පිලිබඳ වූ සන්නස අද ප්‍රකටව පවතින්නේ පනාකඩුව තඹ සන්නස ලෙසිනි
පද්‍යන් ගද්‍යන් අතර වූ චමාපු කාව්‍යමය භාෂා ‍ශෛලියක් පනාකඩුව සන්නසට වෙයි කඹුරුපිටියේ වනරතන නාහිමියන් එලෙස පෙලගස්සන ලද පබැදුමක් මෙලෙස දැක්විය හැකිය
'රුහුණු දඩනායක සිත්නරු බිමි මුදල්නාවන් වැඩිතැන් සහ වියෙහි වඩමින් ලොවැඩ වඩා
පනාකඩුව තඹ සන්නස මගින් බුදල්නාවන්ගේ පරමිපරවෙන් පැවත එන්නන්ගෙ‍න් චඩ අයකර නොගැනිම සිරගත නොකිරීම දේපල රාජසන්තක නොකිරීම බලවත් අපරාදයක් සිදුකලද ඒසඳහා තෙවරක්ම සමාව දීම ආදී බො‍හෝ රාජකීය වරප්‍රසාද ප්‍රදානය කර ඇත
පනාකඩුව තඹ සන්නස නිසා රුහුනේ මොරවක් කෝරලයද සියලු දෙනාගේ අවදානයට යොමු වූහ මාතරට ආස්වාදයක් වූ එම මොරවක් කෝරලයේදී සුරැකි උරුමය ජාතික උරුමයක් වේ.

පනාකඩුව තඹ සන්නස (අද සිංහල තේරුම සහිතව)

(අ)
1) ස්වස්ති, සිරි සිරිවන් අපරියත් ලො ඉකුත් ගුණ මුළෙන් උතුරත් මුළු දම්බදිව්හි අන් තැත් කු -
  • තේරුම – මංගල ශ‍්‍රියක් වේවා, ශ‍්‍රීමත් වූ අපය¸න්ත (කෙළවරක් නැති) ලෝකොත්තර ගුණ සමූහයෙන් ඉතිරෙන සකළ ජම්බුද්වීපයෙහි අන්‍ය ක්‍ෂති‍්‍රය සමූහයා
2) ල පාමිලි කළ ඔකාවස් රජ පරපුරෙන් බට කැත් උසබනට අග මෙහෙසුන් වූ ලග්දිව් පො -
  • තේරුම – පාද මූලයෙහි (දාසයන්) කළ ඔක්කාක රාජ පරම්පරාවෙන් පහළ වූ ක්ෂති‍්‍රයෝත්තමයනට අග‍්‍ර මහේෂිකාවක (වැනි) වූ
3) ළො යොහෙන පරපුරෙන් හිමි සිරිසඟබෝ විජයබාහු රජ පා වහන්සේ තුමා සිය විත් -
  • තේරුම – ලංකාදීප පෘථිවි නමැති තරුණ කාන්තාවගේ පරම්පරාගත උරුමය අනුව ස්වාමියා වූ සිරිසඟබෝ විජයබාහු (1 විජයබාහු) රජතුමන් වහන්සේ තමාගේ වික‍්‍රමයෙන්.
4) මෙන් දෙමෙළ බල මුළු අන්දුරු දුරු ලා මුළු ලක්දිව් එක් සේසත් කැරැ රජ වළන්දමින් ස -
  • තේරුම – ද්‍රවිඩ භට සමූහයා නමැති අඳුරු දුරු කොට සකල ලංකාද්වීපය ඒකච්ඡත‍්‍ර කොට රජ සැප විඳීමෙන්.
5) විසි හවුරුද්දක් ඉකුත් සත් ළැඟු සත් විසි වන්නෙහි කැත්තෙ සන්ද අව පස්මස්හි අවසත -
  • තේරුම – විසිවසක් ඉකුත්වූ (හෙවත්) ඡත‍්‍රය එසවීමෙන් (රජ බවට පත්වීමෙන්) සත් විසි වැන්නෙහි කැති සමයේ දෙවන වප් මස අව සතවත්
6) වක්දවස් නුරුපුරවරෙහි සිහසිනරා කිරුළුමිණි රසින් පළ සෙසත් කිස තවරමින් වැඩැහින් දෑ
  • තේරුම – දිනයෙහි අනුරුධපුරවරෙයහි සිංහාසනාරූඪ ව කිරීට මාණික්‍ය රශ්මියෙන් පැතුරුණු සේසත් ඇතුළත ආලෝක කරමින් වැඩ හිඳ
7) තමා සොවුරු ඈපා මායා යුව රජ ඈ රජගණා ප‍්‍රමුඛයෙන් සිහවිකුම් යහළ යුවළතිනුක -
  • තේරුම - සහෝදර වූ ආදිපාද – මහාදිපාද – යුවරජ ආදී රාජ සමූහයා අභිමුඛයෙහි සිංහ වික‍්‍රමය ඇත්තේ විය ගහ ඔසොවා දෑතින් දරමින්
(ආ 1) 1) හා ප‍්‍රහළ යසපබන්ද දසන් මෙරජවැළ ලතුළු ලවන් අත් පස්හි පාමින් රූණු දඩ -
  • තේරුම – ප‍්‍රවාහනය වන යසස් තේජස් ඇත්තේ දන්ත කාන්ති රශ්මියෙන් අලංකාර වුණු දෙතොල් හාත්පස්හි දක්වමින් (හෙවත් කථා කරමින්)
2) නායක පින්නරු බිම් බුදල්නාවන් අප සොළි දෙමළුන්ගෙ විබලයෙන් සිජ රජින් පි -
  • තේරුම – “රුහුණු දඩනායක සිත්තරු බිම් බුදල්නාවන්” අප සොළී දෙමළුන්ගෙ ආයුධ බලයෙන් ස්වකීය රාජ්‍ය බලයෙන් පිරිහී
3) රිහී ගල්වලැ වැළැහී වන අවදියැ අප පිය මහ සැමිය මුගලන් රජ පා වහන්සේ.
  • තේරුම – වනයෙහි සැඟවී වාසය කරන කල අප පියා වන මහා ස්වාමි මුගලන් රාජොත්තමයාණන් වහන්සේ (මෙතුමා රජ වූ බව කීවත් රජවූ බවක් සොයා ගන්නට නැත.)
4) ඈ මුළු රජකුල සිය පිරිස්නෙන් රැකැ අප සඟවියෙහි වඩා වන මුල් පලා භරණයෙන්.
  • තේරුම – ආදී සම්පූර්ණ රජ පවුල සිය පිරිසෙන් ආරක්ෂා කොට අප බාල කාලයෙහි හදා වඩා වන මුල් පලාහාරවලින්.
5) පුසැ ඇකුත් ඇකුත් තන්හි මඟමින් ඇසිරෙන විපකුන් කෙරෙහි වළගා කන්හි තන්හි
  • තේරුම - පෝෂණය කොට, පා තැබූ තැබූ තන්හි සොයමින් හැසිරෙන සතුරන් කෙරෙන් වලකා තැන් තැන්වල
6) විග‍්‍රහ බැන්දෑ රුහුණු දනවු පෙරෙළා එකත් කොට ගල්වලින් බහා සිය රජහි පිහිටු -
  • තේරුම – යුද්ධ කොට රුහුණු ජනපදය නැවතත් එක්සත් කොට, වනයෙන් ඉවත් කොට ස්වකීය රාජ්‍යයෙහි පිහිටුවා
7) වා දුක් වුන් ප‍්‍රාශාදයට මෙකුන් දරුමුනුම්බුරන් ව මෙකුන්ගෙ අන්වය ආවු සෙද -
  • තේරුම – දුක් වින්ද ප‍්‍රශාදයට මොවුන්ගේ දරු මුණුපුරන් විසින් ද, මොවුන්ගේ පරම්පරාවට අයත් වූවන් විසින් ද,
(ආ 2)

1) ඩ මුඩු ගතැ යුතු දොෂයක් කළ ද බසින් පටවා කරණ දැහැවිල්ලෙන් මුත් දඩ මුඩු නොග -

  • තේරුම – දඩ මුඩ ගත යුතු වරදක් කරන ලද නමුත් වචනයෙන් වරද විනිශ්චය කොට කරන තර්ජනයෙන් මිස, දඩ මුඩ නොගැනීම ද (නොගත යුතුය යන අදහසයි)
2) න්නාච දැඟැලා නො පටවනු ව දිවි දී මිසැනොමුස්නා වරදකුදු ඇත තුන් වරක් දක්වා ෂමා කරනු කො -
  • තේරුම - සිරගෙයි දමා නොසංසිදුවීම ද, ජීවිත දානයෙන් (මරණීය දණ්ඩනය දීමෙන්) මිස නොමිදිය හැකි වරදක් ඇතිවුවද, තුන්වන වාරය දක්වා ක්ෂමා කිරීම ද,
3) ට ච පෙත් පමුණු නො ගන්නා කොට ව යම් පමණ දොහයකුදු කළ අභය දී දැකැ පියවන් මුත්.
  • තේරුම – ඉඩම් කොටස් හෝ පරවෙණී ගම් නොගැනීම ද, යම් පමණ රාජද්‍රෝහී කමක් කලත් අභය දානය කොට (රජු ම ඔහු වෙත ගොස්) බලා රටින් පිටුවහල් කරන මිස -
4) නිග‍්‍රහ නොකරන කොට මේ වැවස්ථා අප සිය කැතතුලෙහි ඔකාවස් රජ පරපුරු පු -
  • තේරුම – නිග‍්‍රහ නොකිරීම ද, යන මේ ව්‍යවස්ථා අප සිය ක්ෂති‍්‍රය වංශයෙහි – ඔකාවස් රාජපරම්පරාව
5) වත්නා තාක් සාසන කොට දෙන්නෙය් කිලිඟු නාවිනි තාරා දෙමුන් මෙගම්නාවිනි තුන් දා
  • තේරුම – පවත්නා තාක් (පැවැතිය යුතු යයි) ලියා තබා දිය යුතු යයි කිලිඟු නාවිනි තාරා දෙමුන් මෙගම් හි නාවිනි
6) දෙටුන් දක්වා වදාළෙගින් රුහුණු දඩනායක සිත්නරු බිම් බුදල්නාවන් වැඩි තැන් සඟවියෙ -
  • තේරුම – තුන්දොටුන්හට ප‍්‍රකාශ කළ හෙයින් රුහුණු දඩනායක සිත්නරු බිම් බුදල්නාවන් විසින් (වැඩි තැන්) රජතුමා ළදරු වියේහිදී
7) හි වඩමින් ලොවැඩ වඩා මුළු රජ කුල සැමැඟැ රක්මින් මුළු ලොය් දිවි රැකැ වන මුල් පලාභරණේ -
  • තේරුම – හදාවඩමින් ලොකාභිවෘද්ධිය කොට මුළු රජ පවුල සමඟ ආරක්ෂා කරමින් සකල ලොකයා ගේ ජීවිතය ආරක්ෂා කොට වන මුල පලයන් ගෙනවුත් දීමෙන්.
(ඉ)
1) න් පුස්මින් මුළු ලොය් පුසැ වැඩිතැන් සිය රැජහි පාළ කෙරෙමින් මුළු ලොය් සෙත් පාළ කොට දු -
  • තේරුම - පෝෂණය කරමින් මුළු ලොව ද පෝෂණය කොට රජතුමා ස්වරාජ්‍යයෙහි පහළ කරමින් (පිහිටුවමින්) මුළු ලොකයට සෙත පහළ කර
2) න් වුන් ප‍්‍රශාදයට ලක්දිව් තෙලෙහි මකාවස් රජපරපුරෙන් බව කැත කුලෙහි රජ පරපුරු
  • තේරුම – දුක් විඳි ප‍්‍රශාදරයට ලංකාද්වීපයෙහි මකාවස් රජ පරම්පරාවෙන් පහළ ක්‍ෂති‍්‍රය රාජ පරම්පරාව
3) පුවත්නා තාක් මෙකුන් දරුමුනුම්බුරන් ව මෙකුන්ගෙ අන්වය ආවු යේ දඩමුඩු ගතැ සිතු වර -
  • තේරුම – පවත්නා තාක් (මෙතැන් සිට ඉ-1 – 7 වන පෙළ දක්වා ඇති කොටස ආ 2 – 1 සිට 4 වැනි පෙළ දක්වා ඇති කොටසට සමානයි)
4) දෙකැ බසින් පටවා කරන දැහැවිල්ලෙන් මුත් දඬුමුඩු නො ගන්නා ව දැඟැලා නො පටනු ව
5) දිවි දී නොමුස්නා දොෂයකුදු කළ තුන් වරක් ෂමා කරනුව පෙත් පමුණු නොගන්නා කො -
6) ට යමු පමණ දොහයකුදු කළ අභය දී දැකැපියවත් මුත් නිග‍්‍රහ - නොකරනු කොට සත් විසි වන්නෙහි
5) කැත්තෙහි අවසතවස් දවස් පිටින් මත්තෙහි මෙවැ සථා කළ බවට දෙමළලෙය් දරු පොතැ අත්වර ලියන දෙව්මි.
  • තේරුම – කැති මස අව සතවක් දවසින් පසු මෙම ව්‍යවස්ථාව කළ ද්‍රවිඩ ලේඛකයාගේ පොතෙහි සහාය ව ලියන දෙව නමැති මම වෙමි.

 

Post a Comment Blogger Disqus

  1. බොහොම වටිනා දැනුමක් එක් කළාට අප්‍රමාණ ස්තුතිය

    ReplyDelete

 
Top