GuidePedia

0


ගාලු පුරය ගැන විමසන විටදී මුහුදු බඩ ඒ-2 මාර්ග‍‍යේ බෙන්තොට- අහංගම දක්වා කිලෝ මීටර 72ක සීමාවක් හා වර්ග කිලෝ මීටර 1652ක වපසරියක් ගාලු දිසාවට හිමි වේ. බලපිටිය අම්බලන්ගොඩ, කරන්දෙණිය, ‍බෙන්තර , ඇල්පිටිය, හිනිදුම, බද්දේගම, රත්ගම, ගාල්ල, අක්මීමන හා හබරාදූව නම් පැරණි මැතිවරණ කොට්ඨාශ 10කින් සමන්විත වේ. එසේම බෙන්තොට ගඟ,මාදු ගඟ,ගිං ගඟ සහ දේද්දුව වැව,මාදම්පේ විල,රත්ගම විල ආදී දිය තඩාගද දැක ගත හැකිය.

* බෙන්තර සිට ගාල්ල දක්වා මාර්ගයේදී

01.බෙන්තර ගලපාත විහාරය- මහා කාෂ්‍යප මහ රහතන් වහන්සේගේ දළදාව වෙහෙර ගර්භයෙහි තැන්පත් කර ඇත. ගලපාත සෙල්ලිපිය ‍ශෛලමය ජල පෙරනය ආදිය දකුණු ලක බබලවයි.

බෙන්තර ගලපාත විහාරය
 
බෙන්තර ගලපාත විහාරය
































02. අලුත්ගම කන්දේ විහාරය.- කි.ව. 1734 තරම් අතීතයට විහිදෙයි. කීර්ත් ශී රාජසිංහ රජු විසින් වැඩි දියුණු කර ඇත. ආරම්භයේ සිට මේ වන විට 10 වන භික්ෂු පරම්පරාව වැඩ වාසය කරති. මෙහි සීවලී මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඩ වාසය තරන අතර මෙහි තිබෙන බෝධීන් වහන්සේ අවුරැදු 250තට වඩා පැරණි ලෙස සැල‍කේ.











03. ‍කොස්ගොඩ කැස්බෑ අභිජණන මධ්‍යස්ථානය.- වඳ වී යන උරඟ විශේෂයක් වන කැස්බෑවන්ගේ බිත්තර එකතු කර පැටවුන් සාදා මුහුදට මුදා හරී. විනෝදාත්මක සේම පරිසර හිතකාමී ක්‍රියාවකි.









04.මාදු ගඟ.- බලපිටිය ප්‍රදේශයේදී හමු වන පුළුල් පරාසයක විහිදෙන විලක තත්වය විහිදා පාන ගඟකි. අතීතයේ දූපත් 64කින් සමන්විත වූ බව පැවසේ. එහෙත් අද වන විට දක්නට හැක්කේ දූපත් 17ක් පමණ වේ. කඩොළාන බහුලව පවතින මෙහි බෝට්ටු, ඔරැ වලින් චාරිකා කිරීම,පිහිනීම ආදිය විනෝදය ගෙන දෙයි.










05. අම්බලන්ගොඩ වෙස් මුහුණු කෟතුකාගාරය.- ජර්මන් රජයේ ආධර ඇතිව පවත්වා ගෙන යන පෞද්ගලික කෞතුකාගාරයකි. පාරම්පරිකව පැවත එන ඉතා වටිනා වෙස් මුහුණ රාශියක් ප්‍රදර්ශනය වේ. වෙස් මුහුණු කර්මාන්තයේ ඉතිහාසය පිළිබඳව විශාල දැණුමක්ද ලබා ගත හැක.







06. මීටියාගොඩ චන්ද්‍රකාන්ති මැණික් පතල.- චන්ද්‍රකාණ්ති පාෂාණ නොහොත් මූන්ස්ටෝන් මැණික් සඳහා මහත් සේ ප්‍රසිද්ධය. මැණික් කර්මාන්තය පිළිබඳ දැණුමත්ද ලබා ගත හැක.





07. තෙල්වත්තේ තොටගමුව රත්පත් රජ මහා විහාරය.- හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ පිහිටා ඇති මෙහි පැරණි විහාර චිත්‍ර බොහොමයක් නොනැසී පවතී. මහානාග කුමරු විසින් කරවන ලද්දක් වන මෙහි ක්‍රිස්තු වර්ෂ 7වන සියවසේ රහතන් වහන්සේලා වැඩ සිට ඇති බව පැවසේ. උන් වහන්සේ භාවිත කරන ලද දේද මෙහිදී දැක ගත හැකිය.


08. සීනි ගම දේවාලය.- දෙවොල් දෙවියන් සඳහා දප්පුල රජ දවස ඉදි කර ඇති බව පැවසේ. දේවාලයට යාම සඳහා ඔරුවක හෝ බෝට්ටුවක නැගී කෙටි දුරක් යා යුතු වේ. අතීතයේ පටන්ගම්මිරිස් ඇඔරීම නම් ක්‍රමය මඟින් වැරදිකරුවන්ට දඩුවම් ලබා දීම පිළිබඳ මෙම දේවාලය ප්‍රසිද්ධියක් උසුලයි.









09. හික්කඩුව කොරල් උයන.- ලෝකය පුරාම ඉතා ප්‍රසිද්ධයක් උසුලන මෙය 1998දී 'හික්කඩුව සමුද්‍ර රක්ෂිතය ලෙස නම් කර ඇත. හෙක්ටයාර 101කින් සමන්විත මෙය විවිධත්වය අතින් ඉතා ඉහළ මට්ටමක වේ.


10. ගිංතොට ථුපාරාම විහාරය.- පොළොන්නරු සමයේදී ඉදි කරන ලද ගාලු දිසාවේ පැරණිතම විහාරය වේ. රජ රටින් පැන ආ සුගලා දේවිය සේනා සංවිධානය කිරීම මේ අසළ අම්පිටිය ග්‍රාමයේදී සිදු කර ඇත.

11. ගාලු කොටුව.- ලොව ඓතිහාසික ජීවමාන නගර අතරින් 04 වන ස්ථානය හිමි කර ගනී. ලන්දේසින් විසින්විශාල කළු ගල් උපයෝගී කර ගනිමින් දැවැන්ත පවුරක්ද , පරිපාලනයට අවශ්‍ය ගොඩනැඟිලිද ඉදි කර ඇත. ලන්දේසි පල්ලිය, ඔරලෝසු කණුව, ප්‍රදීපාගාරය, ජාතික කෞතුකාගාරය සහ සමුදු කෞතුකාගාරය ආදියද මේ අතර පවතින වැදගත් ස්ථාන වෙයි.



*ගාල්ල -වැලගම ඒ-2 මාර්ගෙෙය්දී

12. රූමස්සල කන්ද.- ඉතා දුර්ලභ වර්ගයේ ශාඛ වලින් යුතු, වර්ග ප්‍රමාණය හෙක්ටයාර 150කින් හා උසින් මීටර 100කින් සමන්විත වූ වන දහනකි. තෙත් කළාපයේ මෙන්ම වියළි කළාපයේ ශාඛ වර්ගද දක්නට ලැබෙන මෙහි සීමාව ලෙස වැල්ලේ දේවාලය සිට බොනවිස්ටා කොරල්පරය දක්වා මුහුද අද්දර සීමාව සැළකේ. මෙහි විශාල ඔසු උයනක්ද අතීතයේ සිටම වන අතර අද එය හෙක්ටයාර 22ක් පමණ වන තෙක් කුඩා වී ඇත.




13. යටගල හෙට්ඨාචර රජ මහා විහාරය. - ඉතාමත් පැරණි විහාරයකි. දේවානම්පියතිස් රජු විසින් ගෙනවිත් රෝපණය කරන ලද අෂ්ඨඵලරුහ බෝධිය තවමත් වේ. ගාලු දිසාවේ පූජා නගරයක් ලෙස ප්‍රථමයෙන්ම සංවර්ධනය කරන ලද විහාරය මෙය ලෙස සැළකේ.





14. උණවටුන දෙවොල් දෙවොල.- දෙවොල් දෙවියන් උදෙසා කරවන ලද්දකි. වසර 2000කට පමණ පෙර දෙවොල් දෙවියන් වැඩ සිට ඇතැයි සැළකෙන ශෛලමය ගල් ගුහාවද මෙහි දක්නට ලැ‍බේ.




15.කොග්ගල මර්ටින් වික්‍රමසිංහ ජනකලා කේන්ද්‍රය.- ලාංකික සාහිත්‍යයට විශාල මෙහෙයක් සිදු කළ මර්ටින් වික්‍රමසිංහයන්ට උපහාර ලෙස මෙය ඉදි කර නම් කර ඇත. එසේම මේ සමීපයේ මාර්ටින් වික්‍රමසිංහ කෟතුකාගාරය සහ මඩොල්දූව ද වේ.

 





*බෙන්තොට - ඇල්පිටිය මාර්ගය

16. අඬා හැලෙන ඇල්ල.- ඇල්පිටිය පසු කර පිටුවල ගම්මානයට පිවිසි පසු බෙරලිය නම් මූකලාන තුළ තනිව හඬා වැටෙන්නේය යන ප්‍රවාදය නිසා මෙම අඬා හැලෙන ඇල්ල යන නාමය යෙදී ඇතිඉතා මනස්කාන්ත දිය ඇල්ලකි.





17. අම්බන ශ්‍රී රාහුල සංඝරාජ ඉදුරුගිරි ලෙන් විහාරය.- කහදූව ප්‍රදේශයේ නිසංසල පරිපරයක පිහිටා ඇති සිත් සන්සුන් කරවීමට සමත් ගල් ලෙනකි. මෙම ගල් ලෙනෙහි තොටගමු ශ්‍රී රාහුල හිමි ජීවිතයේ අවසාන කාලය වැඩ සිට ඇතැයි සැළකේ. උන් වහන්සේගේ බෙහෙත් ගැල් වූ ශ්‍රී දේහය පෘතුගීසින් විසින් රැගෙන යාමෙන් පසු ගෝවේ නගරයේ තවමත් තබා තිබෙන බව පැවසේ.




18. පිටිගල දිය කිතුල් කන්ද ආරණ්‍යය.- ඉතාමත් නස්කලංකව පිහිටා ඇති මෙම ධර්ම නිකේතනයේදී විවිධාකාර වූ ශාරීරික හා මානසික රෝගී තත්වයන්ට ප්‍රතිකාර සිදු කර සුව කිරීම පිළබඳ ප්‍රසිද්ධයක් උසුළයි.

 

*ගාල්ල - උඩුගම මාර්ගය

19. හිනිදුම කල්වාරි කන්ද.- කිතුණු බැතිමතුන් සිය දහස් ගනනින් වන්දනාවේ යෙදන මෙම පූජා භූමිය මුහුදු මට්ටමේ සිට අඩි 900ක් උසින් ගිං ගඟ අසබඩ මෙය පිහිටා තිබේ.





20. පරගොඩ රජ මහා විහාරය.- අනුරාධපුර යුගයේ ඉදි වී ඇත්තකි. ගම්පෙරළිය නවකතාවේ පියල්. නන්දා ඇතුළු පිරිස නාමල් පුදන්නට ගිය චාරිකාවට පාදක වූ වෙහෙර වූකලී මෙහි තිබෙන වෙහෙර වේ.

 

Post a Comment Blogger Disqus

 
Top