GuidePedia

0


පෘථිවියේ උපත හා මිනිසාගේ පරිණාමය




භූ විද්‍යාඥයන්ගේ මතය අනුව අදින් වසර දසලක්ෂ 4600 කට පෙර පෘථිවියේ උපත සිදුවිය. පෘථිවිය මත මිනිසාගේ පරිණාමය සිදු වූයේ එයින් අවුරුදු දස ලක්ෂ 4570 කට පසුවය.ඒ අතර කාලය තුල පෘතුවිය මතුපිට ජලය ඇති වීම, ශාක වර්ග ඇතිවීම හා පැතිරීම, මහද්වීප බිහි වීම ආදී වශයෙන් පෘථිවිය මිනිස් වාසයට සුදුසු තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය සිදුවිය.

අදින් වසර දස ලක්ෂ තිහකට පෙර බිහි වී යැයි සැලකෙන මිනිසා අවධි කිහිපයක් පසු කිරීමෙන් පසුව අද සිටින තත්වයට පත්විය. උදාහරණ කිහිපයක් පහත දැක්වේ.


1.හෝමෝ හැබිලිස් මානවයා

දැනට අවුරුදු විසි ලක්ෂයකට පමණ පෙර ජීවත් වූ ඉතාමත් නොදියුණු මිනිස් කොට්ඨාසයකි.මොවුන් දියුණු මොළයක් තිබුණේ නැත තිබුනේ නැත ස්වභාවික රළු ගල් හා දඬු මුගුරු ආයුධ ලෙස භාවිත කළ අතර ගින්දර පිළිබද දැන සිටි බවට සාක්ෂි ලැබී නැත.


2.හෝමෝ ඉරෙක්ටස් මානවයා

දැනට අවුරුදු ලක්ෂයේ සිට දස ලක්ෂය දක්වා ඈත කාලයේ ජීවත් විය.හෝමෝ හැබිලිස් මානවයා ට වඩා තරමක් දියුණු මොළයක් තිබුණු බවට සාධක ඇත.මොවුන් ගල් හා ඇටකටු වලින් සාදා ගත් ආයුධ භාවිත කළ අතර ගින්දර භාවිත කළ බවට සාක්ෂි ලැබී ඇත.අප්‍රිකාව,අග්නි දිග  ආසියාව, චීනය හා යුරෝපයේ මෙන් මිනිස් වර්ගයා ජීවත්වූ බවට පුරාවිද්‍යාත්මක තොරතුරු ලැබී ඇත.


3.හෝමෝ සේපියන් නියන්ඩර්තාල් මානවයා

මීට අවුරුදු තිස් පන්දාහක් ලක්ෂයත් අතර ඈත කාලයේ ජීවත් විය තරමක් ඔපමට්ටම් කළ ගල් මෙවලම් සත්ව හම් වලින් සාදාගත් වස්ත්‍ර සහ ගින්දර භාවිත කොට ඇත ස්වභාවික ගල් ගුහා හා විශාල ගස් බෙන වල වාසය කර ඇත ආහාර පිස අනුභව කර තිබේ තිබෙයි අල වර්ග හා ආහාරයට ගත් බව විශ්වාස කෙරෙයි සමාජ හා ආගමික චාරිත්‍ර විධි අනුගමනය කළ බවට සාධක ලැබේ මළවුන් සමඟ ඔවුන් භාවිත කළ ආභරණ හා උපකරණ වල දමා තිබීම මීට නිදසුනකි.මරණයෙන් මතු ජීවිතයක් පිළිබඳව විශ්වාස කළ බව ඒ අනුව තීරණය කළ හැකි වේ. තමා ජීවත් වූ ගල් ගුහාවල සතුන්ගෙ රූප සටහන් ඇඳ ඇත. බටහිර යුරෝපය, තුර්කිය, ඉරානය ,අප්‍රිකාව යන රටවලින් මෙම මිනිස් වර්ගයා පිළිබඳ තොරතුරු ලැබී තිබේ.


4. හෝමෝ සේපියන් මානවයා

දියුණු මොළයක් ඇති යන තේරුම දීම සඳහා මානව විද්‍යාඥයන් 'හෝමෝ සේපියන්' යන්න භාවිතා කර ඇත. මීට වසර 15,000 ත් 37,000 ත් අතර කාලයක ජීවත් විය. යුරෝපයේ, අප්‍රිකාවේ හා ආසියාවේ මෙම මානව වර්ගය ව්‍යාප්තව සිටි බව දැක්වේ. අපේ රටේ ' බලංගොඩ මිනිසාද' මෙම මානව වර්ගයට අයත්ය. මොවුන් භාවිතා කළ මෙවලම් මීට පෙර යුගවල මිනිසුන් භාවිතා කල ඒවාට වඩා තියුණු ය. ඔපමට්ටම් ය. මොවුන් චිත්‍ර ඇඳ වර්ණ  යොදා අලංකාර කර ඇත. ප්‍රංශයේ ලැස්කෝ ගුහාව ,ස්පාඤ්ඤයේ ඇල්ටමීරා ගුහාව, ඉන්දියාවේ සිංහපූර්හී ජොගීමාරා ගුහා ආදී තැන්වලින් මේ යුගයට අයත් චිත්‍ර සොයාගෙන ඇත.

ගින්දර භාවිතය මඟින් මස් පුලුස්සා ගැනීම කළහ. ඇදහිලි හා චාරිත්‍ර ක්‍රමද  මොවුන් අතර පැවතුණි.
Next
This is the most recent post.
Previous
Older Post

Post a Comment Blogger Disqus

 
Top