GuidePedia

0
ප්‍රාග් ඓතිහාසික ලංකාවේ රජ කෙනෙකු ලෙස සැලකෙන මෙතුමා නහුතය එනම් 1යි බින්දු 27යි එකතු වී සෑදෙන අංකය දක්වා ගණිතය දියුණු කළ පුද්ගලයා වන අතර එතුමා ගණිත ශාසත්‍රයේ ප්‍රවීණයෙක් ලෙස සැලකේ. මෙම රජතුමා හෙළයේ රජ කළ කාලය කකුසද බුදු රදුන්ගේ කාලය යැයි සැලකේ. නහුත හා සංකිත දෙදෙනෙක් ලෙස සැලකුවත් රජුගේ නම “නහුත සංකිත” යි. මෙකල ලංකාවට කීවේ “ඕජදීපය” යන නමයි. මේ බව සිංහල බෝධි වංශය ප්‍රකාශ කරන්නේ පහත පරිදි ය.

"...එකල්හි ඕජදීපවාසී වූ: සත්ත්වයෝ බුද්ධානුභාවයෙන් පහ වූ විෂමජ්වර ඇත්තාහු තාරකා සමූහයා විසින් පිරිවරනලද නභෝමධ්යව ගත වූ පූර්ණ් චන්ද්රක මණ්ඩලය මෙන් සියලු ඕජදීපය එකාලෝක කොටැ සවනක් රස් විහිදුවන්නා වූ කකුසඳ නම් බුදු රජාණන් වහනසේ දැකැ වහා එතැනට රැස් වූවාහු..."


අගනුවර අශය නගරයයි. එනම් වර්තමානයේ අනුරාධපුරය නගරයයි. අනුරාධපුරයේ රංගිරිමඩල සෙල්ලිපිය නහුත රජතුමා ගැන ලැයවුණකි.


හෙළ ගණන් ක්‍රමය

එතුමා විසින් දියුණු කළ හෙළ ගණනය කිරීමේ ක්‍රමවේදය පසුව අසංකෙය්‍ය දක්වා වර්ධන වූ අතර එය පහත පරිදි වේ.


  • දස දහයක් සියයක් වේ
  • සිය දහයක් දහසක් වේ
  • දහස් සියය ලක්ෂය වේ
  • ලක්ෂ සියය කෝටිය වේ
  • කෝටි ලක්ෂයක් ප්රවකෝටිය වේ
  • කෝටි ප්රකකෝටි ලක්ෂයක් නහුතයක් වේ
  • නහුත ලක්ෂයක් නින් නහුතය වේ
  • නින් නහුත ලක්ෂයක් කුත නහුතය වේ
  • කුත නහුත ලක්ෂයක් කම්බයක් වේ
  • කම්බ ලක්ෂයක් විෂ්කම්බයක් වේ
  • විෂ්කම්බ ලක්ෂයක් අබබයක් වේ
  • අබබ ලක්ෂයක් අටටයක් වේ
  • අටට ලක්ෂයක් අහබයක් වේ
  • අහබ ලක්ෂයක් කුමුදයක් වේ
  • කුමුද ලක්ෂයක් සමුගන්දියක් වේ
  • සමුගන්දි ලක්ෂයක් උත්පලයක් වේ
  • උත්පල ලක්ෂයක් කුණ්ඩරිකයක් වේ
  • කුණ්ඩරික ලක්ෂයක් පද්මයක් වේ
  • පද්ම ලක්ෂයක් කථානයක් වේ
  • කථාන ලක්ෂයක් මහ කථානයක් වේ
  • මහ කථාන ලක්ෂයක් අසංකයක් වේ

ඉහත වත්මන් භාෂාවෙන් පැවසූ හෙළ ගණිත ක්‍රමය පූජාවලියේ බොධි සම්භාර පූජා කථා යන කොටසේ සඳහන් වන්නේ පහත පරිදි ය.



දස දහයෙක් නම් සියයෙක, දස සියයේක නම් දහසෙක, සියක් දහසෙක් නම් ලක්ෂයෙක, සියක් ලක්ෂයෙක නම් කෝටියෙක. කෝටියෙක් නම් ප්රෂකෝටියෙක, ප්රෙකෝටියෙක් නම් කෝටිප්රකකෝටියෙක, කෝටිප්ර්කෝටි කෝටියෙක් නම් නහුතයෙක, නහුත කෝටියෙක් නම් නින්නහුතයෙක, නින්නහුත කෝටි‍ෙයක් නම් හුත නහුතයෙක, හුත නහුත කෝටියෙක් නම් කම්භයෙක, කම්භ කෝටියෙක් නම් විස්කම්භයෙක, විස්කම්භ කෝටියෙක් නම් අහහයෙක, අහහ කෝටියෙක් නම් අබබයෙක, අබබ කෝටියක් නම් අටටයෙක, අටට කෝ‍ටියෙක් නම් සොගන්ධියෙක,සොගන්ධික කෝටියෙක් නම් උප්පලයෙක, උප්පල කෝටියක් නම් කුමුදයෙක, කුමුදකෝටියෙක් නම්, පුණ්ඩරීකයෙක. පුණ්ඩරීක කෝටියෙක්නම් පදුමයෙක, පදුම කෝටි‍ෙයක් නම් කථානයෙක, කථාන කෝටියෙක් නම් මහා කථානයෙක, මහා කථාන කෝටියෙක් නම් අසඬ්ඛ්යියක් නමි...


ගණන් ක්‍රමයක් පැවතුනේ ඇයි?

මෙම ගණන් ක්‍රමය ඇති කිරීමට හේතුව සොයා බැලීම වටී. මන්ද මෙතරම් සංකීර්ණ සංඛ්‍යා ක්‍රමවේදයක් ප්‍රාග් ‍ෛඑතිහාසික හෙළයන්ට වුවමනා නොවුයේ නම් ඔවුන් මෙවැන්නක් නිර්මානය නොකරනු ඇත.
තාරකා ශාස්ත්‍රය, නැකැත් ආදී මේ සියල්ල ඉන්දියාවෙන අපට ලැබුණ බමුණු මත පමණක්මැයි සිතා සිටීම වත්මන් බොහෝ දෙනා තම පහසුවට සකස් කර ගන්නා ලද්දකි. නමුත් ඈත අතීතයේ පටන්ම හෙළ රජවරු ගණිත විෂය පරතෙරට හැදෑරූහ. පැහැදිලිම උදාහරණය වන්නේ චක්‍රවර්තී දසිස් රාවනයන්ය. එතුමාණන් ජ්‍යොතිශ්‍ය පිළිබඳ හසල දැනුමකින් හෙබි වූවා සේම, විදයාත්මක පර්යේශණ හරහා ගුවන් යානයද නිපදවීය. නක්ශත්‍රය හා විද්‍යාව යන අංශ දෙකම සමබරව භාවිතා කළේය.
විශේෂයෙන්ම තාරකා විද්‍යාව ඉතා ප්‍රභලව වර්ධන වී තිබූ නහුත රජුගේ කාලයේ හා ඉන් පසුව විශ්වයේ පවතින තාරකා හා වෙනත් ග්‍රහ වස්තූන් ගණන් කිරීම සඳහා හෙළ ගණිත ශාස්ත්‍රය නිපදවූ බව පැවසේ.

 

 

 

Post a Comment Blogger Disqus

 
Top